Tuesday, August 26, 2025
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ පසුගිය මාස 1,1/2 තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇත.


විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට මේ වන විට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට ද මැදිහත් වන මෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් ඉල්ලා සිටී.

 

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඉදිරි ඕනෑ ම දිනක ඊට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.