Tuesday, August 26, 2025
Follow Us
ලංවිම ප්‍රතිව්‍යුහගත කීරීම ගැන සාකච්ඡාවක්

කැබිනට් අනුමැතිය හිමි වූ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කීරීමේ මාර්ග සිතියම සහ යෝජිත කාල රාමුව සම්බන්ධයෙන් සියලුම පාර්ශ්ව දැනුවත් කිරීමට, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා හා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පියවර ගෙන ඇත.


ඒ අනුව අද උදෑසන විදුලිබල මණ්ඩලයේ ‌ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමය, අමාත්‍යවරයා සහ කමිටුව අතර සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම යෝජිත ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ සම්පුර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව ඔවුන් පවසා සිටි අතර එම ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ද ඉල්ලා ඇත.

එමෙන්ම වර්තමාන සේවයේ යෙදී සිටින නිලධාරීන්, ඔවුන්ගේ පාරිතෝෂක දීමනා, විශ්‍රාම වැටුප් පිළිබඳව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සහ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව යෝජනා ඉදිරිපත් කර තිබේ.