Tuesday, August 26, 2025
Follow Us
යුරෝපා සංගමයෙන් යුරියා පොහොර භාරදීම හෙට

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට ලබා දෙන සහනාධාරයක් වශයෙන් රුපියල් මිලියන 15,000ක යුරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාරදීම හෙට (22) සිදු කරන බව කෘෂීකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

එම යුරියා පොහොර හා කෘෂි උපකරණ කට්ටල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් භාරදීම හම්බන්තොට බටඅත කෘෂිකර්ම උද්‍යානයේ දී මෙදින සිදු කිරීමට නියමිතයි.