“ග්ලැසියර සංරක්ෂණය” යන්න මෙවර එහි තේමාවයි
1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනූවයි.
පිරිසිදු පානීය ජලය, මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර මේ වන විට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බවට ද අනාවරණ වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ දත්තවලට අනූව ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් ජල අවශ්‍යතා සපුරා ගන්නේ, ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලින්.
ගංඟා, වැව් ඇතුළු අනෙකුත් ජල මූලාශ්‍ර අසල්වැසි රටවල් සමග බෙදාගන්නා රටවල් සංඛ්‍යාව, 153 ක්.
ලෝක බැංකුවේ පුරෝකතනවලට අනූව ලෝකය, 2030 වන විට ඉල්ලුම සහ පවතින ජල සංචිත අතර පරතරයකට මුහුණදෙනු ඇති.
මෙරට ජනගහනයෙන් ද, පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවන්නේ, 62 % කට ආසන්න පිරිසකට වන අතර අවිධිමත් සංවර්ධනය හා වන හායනය හේතුවෙන් ජල පෝෂිත ප්‍රදේශ තර්ජනයකට ලක්වීම, ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රබල අභියෝගයක්.
ජල සම්පත් මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන ලෝක ජල දිනය සැමරීමේ වැඩසටහන අද (22) පුත්තලම නගරයේ දී පැවැත්වීමට නියමිත අතර එම දිස්ත්‍රික්කයේ භූගත ජලය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය සහ ඉදිරියේ දී සිදු කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව එහි දී ජනතාව සහ නිලධාරින් දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.
මෙවර ජල දිනයේ තේමාව වන ග්ලැසියර සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි දායකත්වය වන්නේ පාරිසරික උෂ්ණත්වය පාලනය කිරීමට සෘජුව මැදිහත් වීමයි.