Sunday, March 23, 2025
Follow Us
ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකා පිල චීන­යට යයි

මේ වසරේ ජපා­නයේ ටෝකියෝ නුවර පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගැනීමේ බලා‍පො­රොත්තු ඇතිව ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භා­ගි­වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩා­යම චීනයේ නැංජින් බලා පසුගියදා (19) පිටත්ව ගියේය.

දොළොස් දෙන­කු­ගෙන් යුත් ශ්‍රී ලංකා පිලට මීටර් 60 ධාවන ඉසව්ව සඳහා චමෝද් යෝධ­සිංහ, මීටර් 60 කඩුලු මතින් දිවීමේ ධාවන ඉස­ව්වට කවීෂ බණ්ඩාර හා මීටර් 400 ධාවන ඉස­ව්වට කාලිංග කුමා­රගේ, මීටර් 400 සහාය දිවීමේ කණ්ඩා­යමේ ඉසුරු ලක්ෂාන්, දිනුජ රන්දිම මධු­ෂාන්, සදෙව් විමංස, ඔමෙල් ශෂින්ත, මීටර් 400 සහාය දිවීමේ කාන්තා පිලේ නදීෂා රාම­නා­යක, සයුමි ලක්ෂිමා, හර්ෂණී ප්‍රනාන්දු, ජයේෂි උත්තරා හා ෂෙනරි වි‍ජේතුංග යන ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ මෙදින පිටත්ව ගියහ.

මේ කණ්ඩා­යමේ පුහු­ණු­කරු ලෙස සංජීව වීර­ක්කොඩි මහතා එක් විය.

2001 වසරේ පෘතු­ගා­ලයේ පැවති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට පසු මෙර­ටින් සහ­භාගී වන වැඩිම ක්‍රීඩක පිරිස මෙය­වීම විශේ­ෂ­ත්ව­යකි.

මීටර් 400 සහාය දිවීමේ පිරිමි කණ්ඩා­යම මේ ශූර­තා­ව­ලි­යේදී කෙළින්ම අව­සන් මහා තර­ග­යට පිවි­සෙන අතර, චීනය, ජැමෙ­යි­කාව, අමෙ­රි­කාව, නයි­ජී­රි­යාව හා හංගේ­රි­යාව සමඟ තරග වදියි. මීටර් 400 සහාය දිවීමේ කාන්තා කණ්ඩා­ය­මට චීනය, ඉන්දි­යාව, අමෙ­රි­කාව, පෝල­න්තය හා ඔස්ට්‍රේ­ලි­යාව සමඟ අව­සන් තර­ග­යේදී හමුවේ. මේ ශූර­තා­ව­ලිය අද (21) සිට ලබන 23 වැනිදා දක්වා නැංජින් ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.