කොළඹ නුවර මාර්ගයේ ධාවනය වු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.
එම අනතුරින් පුද්ගලයින් 33 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වන අතර එම තුවාල ලැබූවන් 35ක් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.
කොළඹ මහනුවර අතර ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් අනතුරින් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් අනතුරට ලක්ව ඇති අතර මේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවද පොලීසිය සඳහන් කළ කළේය.