Saturday, July 06, 2024
Follow Us
 විගමණික ශ්‍රමිකයන්ට ඇගයීමට "විගමණික හරසර" නමින් වැඩසටහනක්

2022 වසරේ මුල් භාගයේදී ශ්රී ලංකාවේ ආර්ථිකය මුහුණ දුන් වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා නීත්යානුකූල මාර්ග ඔස්සේ අවම වශයෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 500කින් වත් දායක වන ලෙස විගමණික ශ්රමිකයන්ගෙන් කරන ලද ඉල්ලීමට අනුව 2022 ජුනි මස සිට 2024 මැයි මස දක්වා කාලය තුළ ශ්රමික ප්රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 11ක් දක්වා වර්ධනය වී තිබේ.

එබැවින්, මූල්ය හා ආර්ථික පසුබෑමේදී විගමණික ශ්රමිකයන් විසින් ලබා දුන් මහඟු දායකත්වය ඇගයීම වෙනුවෙන් "විගමණික හරසර" නමින් වැඩසටහනක් ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.