Monday, July 08, 2024
Follow Us
කොළඹ වරාය හරිත වරා­යක් කිරී­මට සැල­සුම්

එළැ­ඹෙන 2025 වර්ෂය වන විට කොළඹ වරාය හරිත වරා­යක් බවට පරි­ව­ර්ත­නය කිරී­මට රජය සැල­සුම් කර තිබේ.

ලෝකයේ රට­වල තිබෙන ප්‍රධාන වරා­යන් හරිත වරා­යන් බවට පත්වී­මත් සමඟ කොළඹ වරාය ද කඩි­න­මින් හරිත වරා­යක් බවට පරි­ව­ර්ත­නය කිරී­මට රජය තීර­ණය කර ඇති අතර, ඒ අනුව ලබන 2025 වසර වන­විට මේ සඳහා වරාය, නාවික හා ගුව­න්සේවා අමා­ත්‍යාං­ශය සියලු පිය­වර ගැනී­මට සැල­සුම් කර ඇත.

හරිත වරාය සංක­ල්පය ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳව ලෝකයේ ප්‍රධාන රටක් වන චීන රජය කොළඹ වරාය සඳහා අදාළ තාක්ෂ­ණය දීමට සිය කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව චීනයේ ෂැංහායි නාග­රික ප්‍රවා­හන කොමි­සමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වොන්ග් ෂියාඕ ජී මහතා ඇතුළු නියෝ­ජිත පිරි­සක්, වරාය නාවික හා ගුව­න්සේවා ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා ඇතුළු අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් සමඟ විශේෂ සාක­ච්ඡා­වක් එම අමා­ත්‍යාං­ශ­යේදී පැවැ­ත්විණි.

මේ සාක­ච්ඡා­වේදී දෙපා­ර්ශ්වය විසින් වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ දෙර­ටට බල­පාන ගැටලු පිළි­බ­ඳව සාකච්ඡා කළ අතර, නාවික භාණ්ඩ සහ බහා­ලුම් ප්‍රති අප­න­ය­නය කිරී­මට කොළඹ වරාය වැඩි වශ­යෙන් පරි­හ­ර­ණය කිරී­මට ද කැමැත්ත පළ කර තිබේ.

මෙහිදී නිබ­ඳව ශ්‍රී ලංකාවේ සංව­ර්ධන කට­යුතු සහ විශේ­ෂ­යෙන් නාවික හා ගුව­න්සේවා ක්ෂේත්‍රයේ කට­යුතු සඳහා දෙන සහාය පිළි­බ­ඳව චීන රජ­යට සිය කෘත­ඥ­තාව පළ කර ඇත.

මේ සාක­ච්ඡා­වට අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ. ඩී. එස්. රුව­න්චන්ද්‍ර මහතා ඇතු­ළුව වරාය අධි­කා­රියේ නිල­ධා­රීහු සහ­භාගී වූහ.