Sunday, January 18, 2026
Follow Us
ධීවර සංස්ථා කඩවත මත්ස්‍ය වෙළඳසැල ජනතා අයිතියට

පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින්, ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව ඊයේ (04) ධීවර අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ අංක 457 නිකාඩෝ ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලට යාබදව විවෘත කෙරුණි. 

මෙම නවීන වෙළඳසැල හරහා පාරිභෝගික ජනතාවට ගුණාත්මක පෝෂදායි මත්ස්‍ය වර්ගවලට අමතරව උම්බලකඩ ඇතුළු මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට අවකාශ සලසා දී තිබේ.