Monday, March 30, 2026
Follow Us
සිසුවියන්ට දුන් සනීපාරක්ෂක තුවා තිළිණපත් ගැන දැනුම් දීමක්

පාසල් සිසුවියන් වෙත ලබා දෙන සනීපාරක්ෂක තුවා තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

2024 වර්ෂයේ පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) 2024.07.10 දිනෙන් අවසන් වේ.

ඒ අනුව සිසුවියන්හට පරිලෝකනය නොවූ තිළිණපත්වලට අදාළව මිල දී ගැනීම් සිදු කිරීම සඳහා 2024.07.11 දින සිට 2024.08.10 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන ලේකම් විසින් අනුමැතිය ලබා දී ඇත.