Monday, July 08, 2024
Follow Us
කතරගම ආඩ්වේල් දේව උත්සවය හා රිදීරිය පෙරහර150 වැනි වරටත්

ආඩ්වේල් කතරගම දේව උත්සවය හා රිදීරිය පෙරහර ජූලි මස 20 දින පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වීමට නව කදිරේසන් කෝවිලේ ප්‍රධාන පූජක භාබු ශර්මා කුරුක්කල්තුමා විසින්  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත බුද්ධශාසන අමාත්‍යාංශයේදී ඊයේ (04) ආරාධනා පත්‍රය පිළිගන්වනු ලැබීය.

1874 වසරේ සිට අඛණ්ඩව පවත්වනු ලබන මෙම උත්සවය සහ පෙරහර  බම්බලපිටිය සහ හෙට්ටි වීදියේ පිහිටා ඇති නාට්ටූක්කොට්ටෙයි නගරත්තාර් ශ්‍රී නව කදිරේසන් කෝවිල විසින් සංවිධානය කරනු ලබයි.

නාට්ටූක්කොට්ටෙයි නගරත්තාර් ශ්‍රී නව කදිරේසන් කෝවිලේ කළමනාකාර භාරකරු එස්.රාජෙන්දිරන් චෙට්ටියාර් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.