මේ වනවිට රටේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය උපරිම තලයට පැමිණ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති මහින්ද බාලසූරිය පැවසුවේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් ද කොරෝනා ආසාදිතයින් බවට පත්වීම මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කර ඇති බවයි.
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි මෙතෙක් කොවිඩ් මර්දන එන්නත් නොගත් ජනතාව සදහා සැලසුම් කළ විශේෂ තුන් දින එන්නත්කරණ වැඩසටහන අද ආරම්භ වනවා.
රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වනවාට වඩා දැඩි තීන්දු ගත යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ දිස්ත්‍රික් මට්ටමින් සංචරණ සීමා පැනවීම හෝ මේ මොහොතේ ක්‍රියාත්මක කළ යුතු බවයි.
SSP Kandy Division said steps had already been taken to provide adequate protection to the Perahera
The immediate imposition of curfew will prevent at least 1,200 additional deaths within the next 20 days, Professor of Community Medicine, Rajarata University of Sri Lanka, Professor Suneth Agampodi stressed.
මේ වනවිට මෙරට පැතිර යමින් තිබෙන කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය, චීනයේ වූහාන් නරගයේ පැතිර ගිය වෛරසයට සාපේක්ෂව දෙගුණයක් පමණ වන බව පරීක්ෂණයකදී හෙලි වී තිබෙනවා. විශේෂයෙන් ඩෙල්ටා වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමග ව්‍යාප්තිය වඩාත් වේගවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
කිරිපිටි ආනයනයේදී පනවා තිබූ ආනයන බදු ඉවත් කළද කිරිපිටි ආනයනය කළ නොහැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. බදු ඉවත් කළද කිරිපිටි කිලෝ එකකින් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
ඊයේ (10) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2904ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.
රෝගීන්ගේ ප්‍රමාණය ඉතා වේගයෙන් වැඩි වෙමින් තිබෙන අතර එම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය කඩ වැටිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවාසිටියි.
තමන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය ඉල්ලීම් ඉටුවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය පවසනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විරෝධතා ක්‍රියාමාර්ගය අත්හැර දැමුවද හෙට දිනයේදී සත්‍යග්‍රහයක නිරත වීමට තීරණය කර ඇති බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.
නැගෙනහිර පළාතේ ආයුර්වේද මහ රෝහල්වලදී කොවිඩ් රෝගීන්ට දේශීය වෙදකම හරහා ප්‍රතිකාර කිරීම වහාම ආරම්භ කරන ලෙස පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අද නියෝග කර තිබෙනවා.
Page 379 of 744