Thursday, September 25, 2025
Follow Us
මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් අඩු වෙයි

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ අඩු වීමක් තවදුරටත් දක්නට ලැබෙනවා.

ඊයේ දිනයේද මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 893ක් පමණයි.

මෙරටින් මේ දක්වා වාර්තා වි ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන් ලක්ෂ 18,775ක්. කෙසේවෙතත් එම පිරිසෙන් පුද්ගලයින් හාර ලක්ෂ 58,085 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 47,726 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

ඊයේ දිනයේද කොරෝනා මරණ 58 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. එම සියලු මරණ ඉකුත් සැප්තැම්බර් 30 වනදා සිදුව තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 12,964ක්.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකදී කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන අද දිනයේද ක්‍රියාත්මකයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ” පහසුකම යටතේ තවත් ” ෆයිසර් ” එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් ද ඊයේ මෙරටට ලබා දී තිබෙනවා.

(Neth)