Thursday, May 02, 2024
Follow Us
මිල වැඩි කළ කිරිපිටි ලබන සතියේ සිට වෙළඳපොළට එන ලකුණු

වරායේ සිරවී ඇති කිරිපිටි තොග ලබන සතිය මුලදී නිදහස් කර ගැනීමට හැකි වනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

එහි ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පැවසුවේ ලබන සතියේ අග භාගයේ සිට ආනයනික කිරි පිටි වෙළදපොළට නිකුත් කළ හැකි වනු ඇති බවයි. සම්පූර්ණ කිරි පිටි හිගය අවසන් වීමට නම් මාසයකට ආසන්න කාලයක් ගතවනු ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය වැඩිදුරටත් නෙත් නිවුස් වෙත පැවසුවේ කිරි පිටි මිලද ඉහළ නැංවීමට සිදුවන බවයි.

ආනයනික කිරිපිටි කිලෝ තුන් ලක්‍ෂ 60,000 ක් නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ සිරවී තිබෙනවා. ඒවා නිදහස් කර ගැනීමට නොහැකිවී ඇත්තේ ඊට අදාළ ඩොලර් රජය විසින් වානිජ බැංකුවලට නිකුත් නොකිරීම හේතුවෙන්. මේ වන විටත් රට පුරා කිරි පිටි හිඟයක් පවතින අවස්ථාවේ පිටරටින් ගෙන්වූ කිරි පිටි කන්ටේනර් 16 ක් මෙලෙස වරායේ සිරවී ඇත්තේ දින 90 ක පමණ කාලයක සිටයි.

(Neth)