Thursday, May 02, 2024
Follow Us
කිරිපිටි මිල වැඩිවෙයි

කිරිපිටි හිඟයට විසඳුම්


කිරිපිටි කිලෝවක මිල රු 200කින් වැඩිවෙන බවත් ඒ අනුව කිරිපිටි කිලෝවක වෙළෙඳපොළ මිල රු 1,145ක් දක්වා වැඩිවන බවත් කිරිපිටි ආනයනකරුවන් පවසයි.

ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා එම මිල ගණන් ඉදිරිපත් කරන බව අද දෙරණ බිග්ෆෝකස් වැඩසටහන සමඟ එක්වෙමින් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේය.

ඒ අනුව ලබන සතිය වනවිට කිරිපිටි හිඟයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කිරිපිටි වරායෙන් නිදහස්කර ගැනීම සඳහා ඩොලර් හිඟයක් තවමත් පවතින බව ඒ මහතා කියා සිටියේය.

(Aruna)