Thursday, May 02, 2024
Follow Us
කොරෝනා ආසාදිතයින් ගැන නව හෙළිදරව්වක්

ඇතැම් කොරෝනා ආසාධිතයන්ට දින 90 ත් 180 ත් අතර කාලයක් රෝග ලක්ෂණ පැවතිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති - සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර නිකුත් කල ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ශ්වසන අපහසුතා - විශාදය - ආතතිය - හිසරදය - මාංශපේශී වේදනා - උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ මෙලෙස පැවතිය හැකි බවයි.

මින් ආතතිය වැනි රෝග ලක්ෂණ සියයට 15 ක් වැනි ඉහළ මට්ටමකින් පැවතිය හැකි අතර අනෙකුත් ලක්ෂණ සියයට 1.5 ත් 08 ත් අතර අගයක පැවතිය හැකියි.

කොවිඩ් ආසාධිතව රෝහල්ගතවූවන් අතර මෙම ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කල හැකි බවත් එයින්ද වැඩි පිරිසක් කාන්තාවන් බවත් ආචාර්ය චන්දිම ජීවන්දර තබා ඇති ට්විටර් සටහනෙහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

(Neth)