නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර විටින් විට කාර්මික දෝෂයන්ට ලක්වීමට හේතුව නිසි අවස්ථාවේදී නඩත්තු කටයුතු සිදු නොකිරීම බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
බාල ප්‍රමිතියෙන් යුත් බොරතෙල් මෙරටට ගෙන්වීම නිසා මෙරට ඛණිජ තෙල් ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට ලක්ව ඇති බව ඛණිජ තෙල් පොදු සේවක සංගමය පවසනවා.
මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැහෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
23 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ සාර්ථකව නිමාවට පත් වුණා. ඉකුත් 16 වනදා ආරම්භ කෙරුණු පොත් ප්‍රදර්ශනය දින 10 ක් පුරා පැවති අතර ප්‍රදර්ශනය නැරඹූ පාඨකයින් පිරිස ලක්‍ෂ 20 ඉක්මවූ බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පැවසුවේ.
ගෑස් ඉල්ලුම සියයට 10 කින් පමණ අඩුවී ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පිරීස් නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ මාස 6 කින් පමණ පසු මෙරට ගෑස් ඉල්ලුම මෙලෙස පහල ගොස් ඇති බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Page 188 of 746