ඉල්ලුම අඩුවීම හේතුවෙන් වාහන මිල ගණන් අඩුවී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් රුපියල් ලක්ෂ 30 ට අඩු වාහනවල මිල ගණන් අඩුවී නොමැති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවේ.
උදෑසන පාසල් ආරම්භ කළ අවස්ථාවේම සිසුන්ට ආහාර ලබාගැනීමට ඉඩ ලබාදෙන්නේ නම් ක්ලාන්තවී අදවැටීම් නතර කළ ගත හැකි බව මොරටුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. නිලන්ති පෙරේරා පවසනවා.
පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ජා-ඇළ දෑලතුර ප්‍රදේශයේ තරුණියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනතුරු වෛද්‍යවරයාගේ සැත්කම් තහනම් කරන බවයි.
සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට සාමාන්‍යයෙන් ගෙන්වන බොරතෙල් වර්ගය වෙනුවට වැරදි බොරතෙල් වර්ගය මෙරටට ආනයනය කිරීම නිසා එයින් නිෂ්පාදනය කෙරෙන දැවිතෙල් ඇතැම් තාප බලාගාරවලට භාවිතා කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
පසුගිය ජුලි 09 වනදා ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් තවත් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 70 ඉක්මවූවන් සඳහා රජය මගින් ලබාදෙන වැඩිහිටි දීමනාවේ සැප්තැම්බර් මස වාරිකය මේ දක්වා ගෙවා නොමැති බව වාර්තා වේ. මේ හේතුවෙන් ජ්‍යෙෂ්ට පුරවැසියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටී.
අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
Page 187 of 746