Friday, February 20, 2026
Follow Us
වාර විභාගය ඉවර වෙලා ජය පැන් බොයි

වාර විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව පාසල් නිළ ඇදුමෙන් බියර් පානය පානදුර ජනප්‍රිය පාසලක සිසුන් පස්දෙනෙකු පොලිස් භාරයට ගත්බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ පානදුර ජනප්‍රිය පාසලක 16 සහ 15 වියැති සිසුන් පිරිසක් බව පොලිසිය කීය.

ලද තොරතුරක් මත පානදුර මුහුදු වෙරළේ කල විශේෂ සෝදිසි මෙහෙයුමේදී වැටකෙය්යා පදුරක පාසල් නිළ ඇදුමෙන් බියර් පානය කරමින් සිටී සිසුන් පස් දෙනා බියර් ටින් සමග භාරයට ගත්බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

වාර විභාගය අවසානවී ඔවුන් පානදුර රටබීම හලකින් බියර් මිළදී ගෙන පැමිණ සිටී බවද පොලිසිය පවසයි .

පාසල් ළමුන්ගේ දෙමාපියන් ගෙන්වා උපදෙස් දී දෙමාපියන්ට භාරදීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

Aruna