Friday, February 20, 2026
Follow Us
වැසි රහිත කාලගුණයක්

කාලගුණයේ වෙනසක්


නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතවයාපනයට කිලෝමීටර් 520ක් පමණ ඊසාන දෙසින් 11.90N අක්ෂාංශ සහ දේශාංශ 84.20E හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය,බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත.මෙම පද්ධතිය නොවැම්බර් මස 22දින , දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වී ක්‍රමයෙන් දුර්වල වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යෘ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි

බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව නිවේදනයේ සදහන්

Aruna