Sunday, August 10, 2025
Follow Us
Social and Equity
1994 සිට කොළඹ මහ නගර සභාවට භුක්තිය හිමි, බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් කොළඹ මහ නගර සභාවේම සේවකයෙක් මල් ශාලාවක් ආරම්භ කරලා - කෝපා කමිටුවේදී අනාවරණය වෙයි.
Social and Equity

A fire that broke out in the Maskeliya Nallathanniya Valamale Upper Area Reserve in the Nuwara Eliya District yesterday (Feb 24) was successfully brought under control with the swift intervention of the Sri Lanka Air Force (SLAF).  

Social and Equity

ශ්‍රී ලංකා තුළ අපරාධ මැඩලීම් සාර්ථකව සිදුකරගෙන යාමේදී, ඊට එරෙහිව ඇතැම් පාතාල කණ්ඩායම් ක්‍රිියාත්මක වන බවත්, විමර්ෂණ අඩපණ කිරීමට ඇතැම් කණ්ඩායම්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

Social and Equity
අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත (pending) නඩු 1,131,818ක් පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය
 
නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් පවත්නා නඩු ප්රමාණයට සාපේක්ෂව ප්රමාණවත් නෑ - අවු. 30කට ආසන්න අත්දැකීම් සහිත අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු 6 දෙනෙකු පමණ මේ වසර තුළ සේවය හැර යනවා - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා
Social and Equity

පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වගකීමක් ලෙස සලකමින් පාසල් තුළ සනීපාරක්ෂාව වර්ධනය කිරීමත්, වයස අවුරුදු 13ට වැඩි සියලුම ගැහැනු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබා ගැනීම වෙනුවෙන් වව්චර් පතක් ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය අද (24) අවධාරණය කළා ය.

Social and Equity

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය.

Social and Equity
දැවැන්ත රැකියා පොළක් හෙට (28) කිලිනොච්චි දිස්ත්රික්කයේ පච්චිලෙයිපල්ලි ප්රාදේශීය ලේකම් කාර්යාලයේදි
 
මිනිස් බල රැකියා දෙපාර්තමේන්තුව සහ පච්චිලෙයිපල්ලි ප්රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන රැකියා පොළ හෙට(28) උදෑසන 9.30 සිට ප.ව 2.00 දක්වා එම ප්රාදේශීය ලේකම් කාර්යාල සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
 
මෙම වැඩසටහන සඳහා වයස අවුරුදු 16ට වැඩි තරුණ තරුණියන්ට සහභාගි විය හැකිය.
Social and Equity

මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ බිලියන හයසිය දහනවයක මුදල මෙතෙක් ඉතිහාසයේ මෙරට අයවැයක් හරහා අධ්‍යාපනයට වෙන්කරන ලද විශාලතම මුදල බවත්, ඉදිරි වසරේ සිට අධ්‍යාපනය නවමු දිශානතියකට යොමු කරමින් 2026 වසරේ දී පාසල් පද්ධතිය තුළ පළමු ශ්‍රේණියේ සහ හය ශ්‍රේණියේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පැවසුවා ය.

Social and Equity

නල දරු තාක්ෂණය සහ අනෙකුත් වෛද්‍ය විද්‍යාත්මක මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහා වන මාර්ගෝපදේශන මාලාව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගැන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  සිදු විය.

Social and Equity

ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ මණ්ඩල සඳහා සම්පත්දායක සංචිතයක් සහ ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපනය කරනවා.

Social and Equity

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් අතර පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ කච්ඡාවක් පෙබරවාරි 23 දින උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරායේ දී පැවැත්විණ.

Social and Equity

ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී ඇතැයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Social and Equity

දුම්රිය අනතුරු අවම කර ගැනීම ඇතුළු දුම්රිය ප්‍රවාහන කටයුතු විධිමත් කර ගැනීම සඳහා Global Positioning System   හෙවත් ගෝලීය ස්ථානීය පද්ධතිය දුම්රිය තුර ස්ථාපිත කිරීමට මේ වන විට කටයුතු කඩිනම් කරමින් පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී අධිකාරී ජේ.අයි.ඩී ජයසුන්දර මහතා සඳහන් කරයි.

Social and Equity

ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කදු නැගීමේ ශූර යොහාන් පීරිස් , ලෝකයේ තවත් උසම කදු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද (24)  අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Social and Equity

මෙම දිනවල පවත්නා අධික හිරු රශ්මිය හේතුවෙන් සියලු දෙනා පීඩාවට පත් වන අතර මෙම උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් අධික පිපාසයක් වැනි අපහසුතාවයන්ට ද මුහුණදීමට සිදු වේ.

මෙම තත්ත්වය තුළ අධික හිරු රශ්මියෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත සඳහන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් එම පිඩාකාරී තත්ත්වයෙන් මිඳී සිටීමට පුළුවන් වනු ඇත.

 

  • පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කරන්න. වැඩිහිටි කෙනෙකු අවම වශයෙන් දිනකට ලීටර 5ක් වත් ජලය පානය කළ යුතුය.
  • පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
  • අධික පාරජම්බූල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳින්න.
  • පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කරන්න.
  • මෙම දින වල හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් අඳින්න.
  • එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවන්න.
  • වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වන්න.

මෙය  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දැනුවත් කිරීමකි.

Social and Equity

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Social and Equity

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

Social and Equity

රට තුළ පැවති ආර්ථික අභියෝගයන් හේතුවෙන් 2019 සිට පාසල් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු වුනේ නැති එබැවින් පාසල් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 10,000 කට වඩා දැනටමත් වෙන් කොට තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .