සාවද්‍ය දත්ත නිවැරදි කර, නව ක්‍රමෝපායන් ඔස්සේ ඉදිරියට යාමට කටයුතු කරන ලෙස ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි සම්පත් මනම්පේරි නමැත්තා අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලස්මුල්ල මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.
රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුසංඛ අබේරත්න මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමකදීය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවයි.
මේ වන විට සීට් බෙල්ට් අනිවාර්ය කර තිබෙන අතර වගකීමක් තිබෙන මිනිස්සු රියදුරන් ලෙස කටයුතු කළ යුතු අතර දෙසැම්බර් 31 වන විට අනිවාර්යෙන්ම PT කියන බලපත්‍රය ලබගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඔක්තෝබර් 01 වැනිද මෙතෙක් සමරමින් තිබුණු ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් මෙම වසරේ ළමා දිනය වෙනුවෙන් ජාතික සතියක් (සැප්තැම්බර් 26 වනදා සිට ඔක්තෝබර් 01 වනදා දක්වා ) ප්‍රකාශයට පත්කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
හින්දු ආගමික උපදේශක මණ්ඩලයේ දෙවැනි රැස්වීම අධ්‍යාපන, උසස් අධ්යාපන වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වන ලදි.
මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 955ක්, අයිස් කිලෝග්‍රෑම් 1,422 ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා ඊයේ (20) පැවසීය.
විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදි ආරම්භ කර ඇත.
සාවද්‍ය දත්ත නිවැරදි කර, නව ක්‍රමෝපායන් ඔස්සේ ඉදිරියට යාමට කටයුතු කරන ලෙස ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Page 19 of 738