වෙසක් දිනය වෙනුවෙන්බ න්ධනාගාරගත සිරකරුවන් හැට එක් (61) දෙනෙකු සඳහා ජනපති සමාව ප්‍රදානය කර ඇති අතර අද (31) බන්ධනාගාරගත රැඳවියන් තිස්තුන් දෙනෙකු (33) නිදහස් වීමට නියමිත බව වාර්තා වේ.
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී ගජනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ජනපති අනුර කුමාර දිසානායක මහතා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙලෙස සිරකරුවන්ට සමාව හිමිවන බවයි.