විද්යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයට වසර 40ක් සපිරීම වෙනුවෙන් වූ විශේෂ සැමරුම් වැඩසටහන් මාලාවේ සමාරම්භය විද්‍යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවවි මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ සිදු කෙරිණි.

















