Sunday, June 14, 2026
Follow Us
රු.මි.1340 ක වියදමින් කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14 ක් කාපට් යොදා සංවර්ධනය ඇරඹෙයි
මේ වසරේ ප්රාග්ධන වියදම් ලෙස රජය රුපියල් බිලියන 1350 ක් පමණ යොදවා තිබෙන බවත්, ලබන වසර සඳහා අයවැයෙන් රුපියල් බිලියන 2000 ක මුදලක් ප්රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය අදහස් කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්යවරයා මෙම කරුණු අණාවරණය කළේ කළුතර දිස්ත්රික්කයේ ග්රාමීය සහ ප්රාදේශීය මාර්ග සංවර්ධනය සඳහා ක්රියාත්මක ප්රධානතම රාජ්ය සංවර්ධන වැඩසටහනක් වන දෙවන ඒ්කාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන iRoad (Integrated Road Investment Program) යටතේ කළුතර දිස්ත්රික්කයේ මාර්ග 14 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයට අද (13) එක්වෙමිණි.
කළුතර දිස්ත්රික්කයේ අගලවත්ත, මතුගම සහ බණ්ඩාරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක මාර්ග 04 ක මෙම මාර්ග සංවර්ධන කටයුතු අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් සහ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වෛද්ය නිහාල් අබේසිංහ, ධනුෂ්ක රංගනාත්, සංජීව රණසිංහ, ඔෂාණි උමංගා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණි.
ඒ අනුව කිලෝමීටර් 03 කට ආසන්න දුර ප්රමාණයකින් යුත් යුතු අගවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවිතිගල නාවිතිගල මාර්ගය, කිලෝමීටරයක පමණ දුර ප්රමාණයකින් යුත් මතුගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොරකන්දමුල්ල මාර්ගය, කිලෝමීටර් එකහමාරක පමණ දුර ප්රමාණයකින් යුත් බණ්ඩාරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ රේරුකන සමරනායක මාර්ගය සහ කිලෝමීටර් දෙකහමාරක පමණ දුර ප්රමාණයකින් යුත් කනත්තගොඩ යන මාර්ගයන් එම කාපට් අතුරා සංවර්ධනය කෙරෙන මාර්ග අතර වෙි.
මේ වසර තුළ දී පළාත් සභාවේ සහ මධ්යම ආණ්ඩුවේ මුදල් යටතේ කළුතර දිස්ත්රික්කයේ ග්රාමීය මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 550 ක ව්යාපෘති අනුමතව ඇති බවත්, ඊට අමතරව පාලම් බෝක්කු සංවර්ධනයට තවත් රුපියල් මිලියන 100 ක් ලබා දී ඇති බව ද අමාත්යවරයා මෙහි දී පැවසීය. එමෙන්ම සමස්තයක් ලෙස සැළකූ විට කළුතර දිස්ත්රික්කයේ සමස්ත මාර්ග සහ ඒ ආශ්රිත සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 200 වෙන්වන බව අමාත්යවරයා විශේෂයෙන් සඳහන් කරනු ලැබීය.
මෙතෙක් කාලයක් මෙරට බහුතරයක් ඇමතිවරු මන්ත්රීවරු ඇතුළු සනුහරයම තම පෞද්ගලික ඉලක්කයන් වෙත පමණක් ගිය බවත්, ඒ වෙනුවට වත්මන් රජය ඔබෙි ජිවිතය පහසු කිරීමෙි ‌‌‌අරමුණින් ක්රියාකරන බවද පැවසීය.
ජනතාව ගෙවන බදු නිසියාකාරව එකතු කර ගනිමින්, බදු ගෙවීම සරළ සහ පහසු කරමින් අවශ්ය තැන් වලින් බදු අය කරගන්නා බවත්, එම බදු මුදල් සැලසුම් සහගතව ජනතාවගේ සුභසාධනය සඳහා පමණක්ම යොදවන බව ද සියලු බදු මුදල් වෙනුවෙන් රජය වඟ වන බව ද අමාත්යවරයා පැවසීය.
ඉහත වැඩපිළිවෙල ක්රමානුකූලව සිදුවීම තුළ 2025 සහ 2026 වසර වල දී රාජ්ය ආදායම සැලකිය යුතු මට්ටමකට වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවද ගෙවී ගිය වසරේ රාජ්ය ආදායම රුපියල් බිලියන 5500 ක් බව ද සඳහන් කළේය.
රජය මේ වනවිට පානීය ජල ව්යාපෘති ඇතුලු ව්යාපෘති රැසක් කඩිනම් කිරීම සඳහා වන වැඩපිළිවෙලකට ද යොමු වී ඇති බවත් එවැනි සංවර්ධන ව්යාපෘති රැසක් මේ වන විටත් ක්රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද පැවසීය.
ගෙවුණු වසරේ මෙරට ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වාර්තා කළ බවත්, රටේ විදෙස් ප්රේෂණ ඉහළ ගොස් තිබෙන බවත්, සංචාරක ව්යාපාරය ද දියුණු තත්ත්වයට පත් වෙමින් පවතින බව ද අමාත්යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.
සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමේ දී එහි සාර්ථකත්වයට පාර්ශ්ව 04 ක දයකත්වය බෙහෙවින් ඉවහල් වන බවත්, එම පාර්ශ්ව වන රජය, රාජ්ය නිලධාරීන්, ව්යාපෘති කොන්ත්රාත් සමාගම් සහ ආයතන මෙන්ම ජනතාව ඇතුලු සියළු පාර්ශ්වයන් අයත් බවත්, ඒ සැමගේ දායකත්වය මනා ලෙස ලබාදෙමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස තමා ඉල්ලා සිටින බවද අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සංවර්ධන ව්යාපෘති ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාවේ දී කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ධනුෂ්ක රංගනාත්, සංජීව රණසිංහ, ඔෂාණි උමංගා යන මහත්ම මහත්මීන් සහ රාජ්්ය ආයතන නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරීන් ද අදහස් දක්වන ලදි.
සංවර්ධන කටයුතු ආරම්භ කළ මෙම ව්යාපෘති ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්ය දායකත්වය සහ ශ්රී ලංකා රජයේ ප්රතිපාදන මත ක්රියාත්මක වන්නකි.
කළුතර දිස්ත්රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා මෑත කාලීනව මහා පරිමාණ සහ ග්රාමීය මට්ටමේ ව්යාපෘති රැසක් ක්රියාවට නංවා ඇති අතර, දෙවන ඒ්කාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන iRoad (Integrated Road Investment Program) යටතේ ග්රාමීය මාර්ග කාපට් (Bituminous) අතුරා සකස් කිරීම, පුළුල් කිරීම, කාණු පද්ධති සකස් කිරීම සහ බෝක්කු ප්රතිසංස්කරණය කිරිම මෙන්ම මාර්ග සංවර්ධනය කිරීමෙන් පසුව, ඒවා වසරක කාලයක් පුරා පවත්වාගෙන යාම සහ නඩත්තු කිරීම ද මෙම ව්යාපෘතියට ඇතුළත් වේ.