නව අධ්යාපන ප්රතිසංස්කරණ මොඩියුල ඔස්සේ විවිධ ක්ෂේත්ර කිහිපයක දැනුම එකිනෙකට සම්බන්ධ කරන බහු විෂයික අධ්යාපනයකට (Multidisciplinary Education) සිසුන් යොමු කළ හැකි බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළා ය.
ඒ 2026.06.03 දින ඉසුරුපාය, අධ්යාපන අමාත්යාංශ පරිශ්රයේදී රැස් වූ අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව අමතමිනි.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීමේ අමාත්ය ආචාර්ය උපාලි පන්නිල යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් මෙම කමිටුව මඟින් අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියේ ප්රධාන කුලුනු පහට අදාළ කාර්යයන් මෙහෙයවීම සිදු කෙරෙයි.
අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලිය සඳහා වගකීම දරමින්, එහි සියලු පැතිකඩ හා පාර්ශ්ව විධිමත් නියාමනයකට ලක් කර ඉහළ ගුණාත්මකභාවයකින් යුත් අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියක් රටට හඳුන්වා දීම සඳහා දායක වීම මෙහි ප්රධාන අරමුණයි.
අධ්යාපන ප්රතිසංස්කරණ ප්රධාන කුලුනු පහට අදාළ අනු කමිටු සාමාජිකයින් විසින් ඒ ඒ කමිටු වලට අදාළ කමිටු වාර්තාවන් මෙහිදී ඉදිරිපත් කළ අතර එම වාර්තාවන්ට ඇතුළත් කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදුවිය.
සිසුන්ට අනවශ්ය පීඩනයක් ඇති නොවන පරිදි, සාර්ථක සහ සමබර විෂය මාලාවක් නිර්මාණය කරන ආකාරය සම්බන්ධව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්රාමාත්යවරිය කියා සිටියේ සිසුන්ගේ සෞන්දර්ය, ජීවන කුසලතා සහ ක්රීඩා කුසලතා වැනි අංගය ද දියුණුකරගත හැකි වන ආකාරයට විෂයමාලා සංශෝධනය සිදුකළ යුතු බවයි. එමෙන්ම සිසුන්ගේ අඛණ්ඩ අධ්යාපන අවශ්යතා ද ඉටුවන ආකාරයට එහි ව්යුහය සැකසිය යුතු බව ඇය ප්රකාශ කළාය.
1 ශ්රේණියේ සිට 13 වැනි ශ්රේණිය දක්වා අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියේ සමස්ත ක්රියාවලිය ආවරණය වන පරිදි සමාජ දැනුවත්භාවය ඇති කරන වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද ඇය අවධාරණය කළාය.
ගුරු මධ්යස්ථාන සංවර්ධනයට මේ වන විටත් ප්රතිපාදන වෙන්කර ඇති බවත්, ජාතික අධ්යාපන විද්යාපීඨ සංවර්ධනය සඳහාත් රජය වැඩි අවධානයක් යොමුකර තිබෙන බවත් පාසල් පද්ධතියේ මානව සම්පත් සංවර්ධනය සඳහා වූ රජයේ සැලසුම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරිය පවසා සිටියා ය.
මේ සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීමේ අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්යාපන සහ උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න, අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කලුවැව සහ ජාතික අධ්යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ජ්යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න බණ්ඩා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගීවූ අතර, විශ්වවිද්යාල ආචාර්යවරුන්, අමාත්යාංශ නිලධාරීන් ඇතුළු ගුරු විදුහල්පති සංගම් නියෝජිත පිරිසක් ද සහභාගී වී සිටියහ.