ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවට අයත් රිදියගම සෆාරි උද්යානයේ නවීකරණය කරන ලද සමනල් උද්යානය ජනතාවට විවෘත කිරීම ඊයේ (03) පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
නඩත්තු කටයුතු නිසි ලෙස නොපැවතීම නිසා අක්රීයව පැවති මෙම සමනල් උද්යානය යළි සක්රීය කිරීමට ජාතික ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර ඒ් අනුව ජුනි මස 03 වන දින සිට මෙම උද්යානය නැරඹීමට ජනතාවට අවස්ථාව හිමිවේ.
දැනට සමනලුන් විශේෂ 248 ක් ලංකාවෙන් වාර්තා වී ඇති අතර ඉන් 31 ක් මෙරටට ආවේණික සමනලුන් වේ. මෙම සමනලුන් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ පැළැටි හා ශාක වර්ග රැසක් මේ වන විට උද්යනය තුළ රෝපණය කර ඇති අතර නැවතත් මෙම සමනල් උද්යානය අලංකාර උද්යානයක් ලෙස ජනතාවට නැරඹීමට මෙදින සිට අවස්ථාව හිමිවනු ඇත.
සමනල් උයන පවුලේ සැමට විනෝදාස්වාදය සහ අධ්යාපනය එකට ලබාගත හැකි ස්ථානයක් ලෙස දේශීය මෙන් ම විදේශීය වශයෙන් ද වැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.