සාවද්‍ය දත්ත නිවැරදි කර, නව ක්‍රමෝපායන් ඔස්සේ ඉදිරියට යාමට කටයුතු කරන ලෙස ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සාවද්‍ය දත්ත නිවැරදි කර, නව ක්‍රමෝපායන් ඔස්සේ ඉදිරියට යාමට කටයුතු කරන ලෙස ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකාව අද ශක්තිමත් පදනමක් ඇති ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගෙමින් තිබෙන බවත්, 2025 වසර මෙරට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් මෙන්ම නීතියේ ආධිපත්‍යය යන සියලු ක්ෂේත්‍රවල සුවිශේෂී හැරවුමක් සනිටුහන් කළ වසර බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කර තිබේ..
සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිංසස්කරණ කටයුතු සිදුකරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය විසින් ග්රාමීය ජනතාවගේ සෞඛ්ය තත්ත්වය ඉහළ නැංවීම ප්රධාන අරමුණ කර එම ජනතාවගේ නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හඳුනා ගැනීම, ප්රතිකාර ලබා දීම, ඉදිරි ප්රතිකාර සේවාවන් සඳහා රජයේ ප්රධාන රෝහල්වල විශේෂඥ සායන සඳහා යොමු කිරිමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් අනූව දීප ව්යාප්තව පවත්වනු ලබන “ආරෝග්යා” ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ (13) පෙරවරුවේ රත්නපුර දිස්ත්රික්කයේ, ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බටහිර කලටුවාව, හේවායින්න කන්ද විද්යාලයේ දී ආරම්භ කෙරිණි.
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සදහා අවශ්‍යවන සායනික පුහුණුව ලබා දීම නිල වශයෙන් අද (15) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ දී ආරම්භ විය.
හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2025 සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වේ.
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Page 20 of 738