ජුනි මස 05 වනදාට යෙදෙන ජගත් පරිසර ජාතික උත්සවයට සමගාමීව " ජාතික පරිසර සතියක් " ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව මැයි 30 සිට ජුනි 5 දක්වා සතිය " ජාතික පරිසර සතිය " ලෙස ප්රකාශයට පත් කර තිබේ. ඒ් අනුව මෙම සතිය පුරා සියලුම රාජ්ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේද සහභාගිත්වයෙන් පහත සඳහන් වැඩසටහන් ක්රියාත්මක කිරීමට නියමිතය.
මැයි 30- ආකල්ප ප්රවර්ධනය තුළින් පරිසර සංරක්ෂණ සඳහා දායකත්ව දිනය මැයි 31 පරිසර පවිත්රතාවය පිළිබඳ දැනුම සහ ආකල්ප ප්රවර්ධන දිනය
ජුනි 01 - දේශගුණ විපර්යාස සහ වායු දුෂණයේ බලපෑම් අවම කිරීම ප්රවර්ධන දිනය
ජුනි 02 - ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය
ජුනි 03 - ජලය හා ජල මුලාශ්ර සංරක්ෂණ දිනය
ජුනි 04 - වෙරළ කළාප පවිත්ර කිරීමේ දිනය
ජුනි 05 රුක්රෝපණය හා ජගත් පරිසර දින සැමරුම
මෙම සතියට සමගාමීව ජුනි 05 යෙදෙන ජාතික සැමරුම් උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්රයේදී පැවැත්වීමට නියමිතයි.