මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් දින 72ක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමෙන් අනතුරුව අධිකරණය මගින් ඉකුත් 16 වැනිදා ඇප නියම වූ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි ඊයේ (19) වන විටත් බන්ධනාගාරයේ රැඳී සිටියාය.
වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු ඔහු ආදරය කළ තරුණියගෙන් රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබා ගත් බවට වවුනියාව පොලිසියට කාන්තාවක් 18 දා පැමිණිලි කොට තිබෙනවා.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින් ආරක්ෂාකාරී විය යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පවසති.
ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව බවට ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට සැක මතුව තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර අද සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු සදහා සහභාගි වී තිබෙනවා. එම පීඨයේ ආචාර්යවරුන් පසුගිය 13 වනදා සිට රාජකාරිවලින් ඉවත් වුණේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ ප්‍රත්‍රයාට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.
නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනය කරයි.
නැවත වරක් විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ ගණනය කිරීම් වලදී සිදු කර ඇති උපකල්පනයන් සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසනවා.
ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යොමු වී ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත් වීමෙන් අනතුරුව බව ඒ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
ලබන වසරේ මුල් කාල සීමාව තුළ මෙම වසරටත් වඩා වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මෙවර උදාවෙන නත්තල නිමිත්තෙන් රටපුරා සිදුකරන සැරසිලි, විදුලි ආලෝකය, ප්‍රියසාද, සංගීත සංදර්ශන, නත්තල් කලාප නතර කර එම මුදල් රටේ අසරණ ජනතාව වෙනුවෙන් වැය කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට කතෝලික ජනතාවගෙන් සහ සියලු ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිති.
බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආර්ථික මධ්‍යස්ථාන රැසක අදත් ඇතැම් උඩරට එළවළු වර්ග මිල ගණන් ඉහළ මට්ටමක පැවතියා.
බිත්තරයක් රුපියල් 50 ක මිලකට ගොවිපළෙන් අලෙවි කිරීමට තමන් තීරණය කළ බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ කැළණි ගඟේ ඉවුරේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊසානදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඊයේ පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් ප්‍රශ්න පත්‍රයක සඳහන් වූ ප්‍රශ්නයක් පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුන් පවසන බවට ඔවුන්ගේ මව්පියන් චෝදනා කළා.
Page 152 of 747