බිත්තර සඳහා උපරීම මිලක් නියම කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටවීමත් සමඟ වෙළඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද (17) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකට ලක්වූ, ජනප්‍රිය හඬකැවුම් ශිල්පී ඩිලාන් සේනානායක මහතා ඊයේ (15) දිනයේදී සැත්කමකට භාජනය කර ඇති බව වාර්තා වේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් ස්ථිර විසදුමක් නොලැබුණහොත් තවදුරටත් දේශන කටයුතු වලින් ඉවත්වීමට සිදුවන බව එම විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා සියලුම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි විවෘත කෙරෙනවා. බොරතෙල් හිඟය හේතුවෙන් එම පිරිපහදුව ඔක්තොම්බර් මස 07 වන දා සිට වසා දැමුණා.
ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ මෙරට වායු දූෂණ තත්ත්වය පවතින කාලගුණික තත්ත්වය අනුව වරින් වර වෙනස්විය හැකි බවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුන මත ඔහුගේ අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා සිර වන සේ තබා සිටි ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝගයක් නිකුත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තිළිණි ප්‍රියමාලි ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේය.
ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී තිබෙන බැවින් හෙට (17 වැනිදා) සිට මෙමස 21 වැනිදා දක්වා උතුරු පළාත ඇතුළු පළාත් හතරක වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සිරකර සිදුකල ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළගොස් තිබේ.
විශේෂඥ වෛද්‍යවරු පනස්හත්දෙනකු වසර පහක කාලයක් වැටුප් රහිත නිවාඩු මත රැකියා සඳහා එංගලන්තය යෑමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇත.
රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
බිත්තරයක මිල ඉහළ යාම හේතුවෙන් උත්සව සමයේ කේක් ගෙඩියක මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සදහන් කළේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් වෙළදපොල තුළ බිත්තර හිගයක් ඇති කිරීමත් සමග වෙළදුන් බිත්තර ඉහළ අගයකට අලෙවි කරන බවයි.
මේ හේතුවෙන් ඉහළ මිල ගණන් වලට බිත්තර ගෙන කේක් වැනි ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.
Aruna
වෛද්‍යවරු වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම වළක්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හරහා රෝහල් පද්ධතිය මුහුණ දී සිටි විශාල අර්බුදයක් යාම සමනය වීමක් සිදු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Page 153 of 747