Monday, February 23, 2026
Follow Us
ලෝකයේ දෙවෙනියා වූ ජාතික කැරම් ශූරියට විශේෂ ඇගයීමක්

වසර 7ක් තිස්සේ ජාතික කැරම්ශුරීය වන 2022 මැලේසියාවේ පැවැති ලෝක ශූරතා තරඟාවලියේ රිදී පදක්කම දිනූ, කොළඹ පංචිකාවත්තේ පදිංචි ජේ. රොෂීටා ක්‍රීඩිකාව විශේෂ ඇගයීමට ලක් කිරීම, කොළඹ සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සිදු කෙරිණි. 

ඒ, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කොළඹ සියලු නිලධාරීන් සහභාගී වූ සංවර්ධන කමිටු රැස්වීමේ දී ය. 

2023 පැවති 47 වන ජාතික මහා ක්‍රීඩා උලෙළේ දී ඇය ලැබූ රන් පදක්කම, යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා අතින් පිරිනැමීම ද මෙහි දී සිදු විය. 

ජේ. රොෂීටා, 2012 ශ්‍රී ලංකාවේ පැවති ලෝක ශුරතාවයේ දී රිදි පදක්කම ද, 2016 එංගලන්තයේ පැවති ලෝක ශුරතාවයේ දී ලෝකඩ පදක්කම ද දිනා ඇත.

මෙම ඇගයීමේ අවස්ථාවට කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක, කොළඹ ක්‍රීඩා නිලධාරී නිශාන්ත දයාසිරි යන මහත්වරු එක්ව සිටියහ.