Monday, February 23, 2026
Follow Us
ඊශ්‍රායලයේ රැකියා සොයන පිරිස් සඳහා දැනුම් දීමක්

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කිසිඳු බාහිර පාර්ශ්වයකට මුදල් ලබා නොදෙන ලෙස ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.

දෙරට අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිවන බව ද එම කාර්යාංශය පෙන්වා දෙයි.

එලෙස ඊශ්‍රායලයේ රැකියා හිමිවූ තවත් පිරිසක් ලබන 26 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.