Monday, February 23, 2026
Follow Us
නීති විරෝධි ක්‍රියා 4ක් දැනුම් දීමට දූරකතන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

 එම තොරතුරු 1997 දුරකථන අංකය ඔස්සේ දැනුම් දිය හැකිය.

 විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මේ සඳහා  කෙටි දුරකථන අංකය ඔස්සේ පහත සඳහන් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැනුම්දිය හැකිය.

 

* විෂ මත්ද්‍රව්‍ය

* සංවිධානාත්මක අපරාධ

* මහා පරිමාණ පාරිසරික හානි

* උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන්