ගර්භාශයෙන් පිටත පිහිටි දුර්ලභ ගණයේ කලල පිහිටීමකට සිසේරියන් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදු කිරීමට කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ඊයේ (16) සමත් වී තිබේ.
ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට මාධ්‍ය කිහිපයක පළ කර ඇති වාර්තා ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.
සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
සංචාරක ව්‍යාපාරය සඳහා කිරින්ද හම්බන්තොට හා දකුණේ ධීවර වරායන් රැසක් සංවර්ධනය කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
මැදිවියේ පුද්ගලයන්ගේ හදිසියේ සිදුවන අහේතුක මරණවලට කලින් හඳුනා නොගත් අධි රුධිර පීඩන තත්ත්වය හේතු විය හැකි බැවින් වහාම ළඟම රෝහල වෙත හෝ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් රුධිර පීඩනය මැන බලා ගන්නා ලෙස අධි රුධිර පීඩන පරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය උදය රළපනාව මහතා දැනුම් දෙයි.
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රටතුළ ව්‍යවසායකත්වයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත ' පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ' වැඩසටහනේ මූලික අදියර ලෙස ගුරුවරුන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුව ඊයේ (15 ) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී ආරම්භ කෙරිණි.
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පිටවීමේ මගී පර්යන්තය තුළ ගුවන් මගීන් සහ විශේෂ අමුත්තන් සඳහාවන සෝ සිලෝන් ආලින්ද පහසුකම හා ආපන ශාලා පරිශ්‍රය විවෘත කිරීම ඊයේ (11) සිදු කෙරිණි.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ 03 වැනි අවස්ථාව මෙය වුවද, පවතින ප්‍රධාන ගැටලු සඳහා නිසි පිළියමක් ලබා දී නොමැතිවීම පිළිබඳව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැඩි ලෙස සිය අප්‍රසාදය පළ කළේය.
වසර 7ක් තිස්සේ ජාතික කැරම්ශුරීය වන 2022 මැලේසියාවේ පැවැති ලෝක ශූරතා තරඟාවලියේ රිදී පදක්කම දිනූ, කොළඹ පංචිකාවත්තේ පදිංචි ජේ. රොෂීටා ක්‍රීඩිකාව විශේෂ ඇගයීමට ලක් කිරීම, කොළඹ සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සිදු කෙරිණි.
බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර කාර්යමණ්ඩලය ද සහභාගී කරගනිමින් සංස්කෘතික අමාත්‍යංශය ලෙස තවත් නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා මේ වන විට ඉදිරිපත්ව තිබෙන යෝජනාවන්හි සංක්ෂිප්තයක් ලබන 14 වැනිදා ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජාතික කම්කරු උපදේශක සභාවට දැනුම් දුන්නේය.
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් පැවැති මෙරට ජාතික වැඩසටහන නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ දී ඊයේ (14) පැවැතිවිණි.
නීරෝගීමත් ජනතාවගෙන් සපිරි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා රටේ අනාගතයවන් දරුකැළ වෙත දේශීය වෛද්‍ය ක්‍රමයේ මහිමය හා විශිෂ්ඨත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් “සුව ධරණී-සිසු නැණ දිරිය ”නමින් අන්තර් පාසැල් දීප ව්‍යාප්ත ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් පැවැත්වීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය කටයුතු සූදානම් කර තිබේ.
ආර්ථික අර්බුදයේ බලපෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය මුදවා ගැනීමට අවශ්‍ය මූලික සැලසුම් සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.
වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති භූමිය තුළ දීර්ඝ කාලයක සිට ජීවත්වන හා වගා කටයුතු කරන ජනතාවට එම ඉඩම් සඳහා ඔප්පු ලබා දීමේ ක්‍රියාවලියක් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ඉඩම් අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
විභාග වංචා සිද්ධීන් තුනක් වාර්තා වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Page 151 of 768