Monday, February 23, 2026
Follow Us
සෙල්ෆි ගන්න ගිය තරුණිය අත්තනගළු ඔයේ සැඟවෙයි

අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපාන්කය පිහිටි ස්ථානය අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණියක් පය ලිස්සා ගොස් ඔයට වැටී අතුරුදන්ව නි‌බේ.

නිට්ටඹුව පොලිසිය පැවසුවේ කෙසෙල් වත්ත, ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක් ඊයේ (02) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්ව ඇති තරුණියගේ යෙහෙළියන් දෙදෙනෙකු ඔවුන්ගේ තිහාරිය ප්‍රදේශයේ පදිංචි ඥාති නිවෙසකට පැමිණ ඇති අතර, මෙම තරුණිය ද ඔවුන් සමඟ එහි පැමිණ තිබේ.

එහිදී තිදෙනාම අත්තනගලු ඔය අසලට පැමිණ ඇති අතර, එහිදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ මෙම තරුණිය පය ලිස්සා අත්තනගලු ඔයට වැටී ඇත.

අත්රුදන් වූ තරුණිය සොයා නාවික කිමිඳුම් අංශය මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Aruna