Saturday, April 18, 2026
Follow Us
Social and Equity

ඔබ වයස අවුරුදු 40 ට වැඩි” ගලු‍කෝමා හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක් නම් ළඟම පිහිටි අක්ෂි සායනයට ගොස් වාර්ෂිකව ග්ලූකෝමා සඳහා පරීක්ෂා කර ගන්න

Social and Equity

සාත්තු සේවා ක්ෂේත්‍රයේ විදෙස් රැකියා සඳහා රැකියා අපේක්ෂකයන් පුහුණු කිරීම පිණිස අනුරාධපුර, විජයපුර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.

Social and Equity

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර ඇත.

Social and Equity

රියදුරු බලපත්‍ර සඳහා dmerit හෙවත් අකුසලතා ලකුණු ලබාදීම පිළිබඳව සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

Social and Equity

බිත්තර ආනයනය කිරීමට නිර්දේශය ලබා නොදීමට සත්ත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මතු කරන තර්කය පිළිගත නොහැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශ කරයි. 

Social and Equity

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට ගෙන්වා කරුණු විමසීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

Social and Equity

දේශිය හා ජාත්‍යන්තර රැකියා වෙළෙදපොල සහ මෙරට රැකියා අපේක්ෂකයින් සයිබර් අවකාශය මගින් සම්බන්ධ කෙරෙන රැකියා ප්‍රවර්ධන පරිගණක (Digital app) යෙදවුමක් හඳුන්වාදීමට යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Social and Equity

මෙරටට පැමිණන සංචාරකයන් පැය 72කට පෙර PCR පරීක්ෂණ සිදු කර ගත යුතු බවට නීතියක් හෝ මාර්ග උපදේශයක් පනවා නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ පවසනවා. එබැවින් සෞඛ්‍ය බලධාරීන් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බවයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

කෙසේ වෙතත් දිවයිනට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් පසුගිය වර්ෂයේ දෙසැම්බර් 4වන දින සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිකුත් කළ චක්‍රලේඛය තව දුරටත් වලංගු බවයි වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.

නව කොවිඩ්-19 රෙගුලාසි හඳුන්වා දුන් බව සංචාරක අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින්ට එන්නත් කාඩ්පතක් ළඟ තබා ගන්නා ලෙසයි සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබුණේ.

එමෙන්ම එන්නත් නොකළ සංචාරකයින් දිවයිනට පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන්ව තිබුණා. 

Neth

Social and Equity

මෙම මාසය අවසන් වන විට ‌‌ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගනු ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

Social and Equity

යාපනය රදගුරු හිමි ප්‍රමුඛ ආගමික නායකයින් කිහිප දෙනෙකු ද බැහැ දැක ආශිර්වාද ලබා ගනී.

Social and Equity

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ශ්‍රී  ලංකාවේ ශ්‍රම සංක්‍රමණ පර්යේෂණ සම්බන්ධයෙන් වන වාර්තාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් විසින් භාර දීම ඊයේ (12) සිදු කෙරිණි.

Social and Equity

ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති අන්තර්ජාතික සම්මුතීන්ට අනුගතව කටයුතු කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, අදාළ ප්‍රධාන රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සකස් ඇති රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

Social and Equity

නීතිවිරෝධී ලෙස රත්තරන් ශ්‍රී ලංකාවට ගෙන එන නවතම ක්‍රමයක් ලෙස යොදා ගත් රත්තරන් වලින් සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් (Credit Card) උපයෝගී කර ගනිමින් රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා කැරට් 24 රත්තරන් තොගයක් ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක සමග අද දින කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Social and Equity

රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවස පිටුපස වලේ වල දමා තිබු දෙවන මළ සිරුර අද (13) දහවල් කෑගල්ල මහේස්ත්‍රත් වාසනා නවරත්න ඉදිරියේදී ගොඩගනු ලැබු බව කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් නිශාන්ත රාජපක්ෂ පවසයි.

Social and Equity

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එකඟත්වය පළ කර තිබේ.

Social and Equity
පසුගිය මාස කිහිපය පුරාවටම ඔබ හෝ ඔබගේ සමීපතමයින් වැඩි වශයෙන් උණ තත්වයන්ට ගොදුරුවනු නිරීක්ෂණය වන්නට ඇති.
Social and Equity

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි Julie Chung මහත්මිය අතර හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Social and Equity

වතු කම්කරු ක්ෂේත්‍රයට අදාළ නීති රීති වඩාත් කාර්යක්ෂම සහ සක්‍රීය ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, වතුකම්කරුවන්ගෙන් ඉදිරිපත්වන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකර ඒවා විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.