Monday, February 23, 2026
Follow Us
සියලු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් වෙයි

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19ම ඉදිරියේදී විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.


පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ.

ඒ අනුව ඉදිරියේදී විද්‍යාපීඨ සඳහා බඳවාගනු ලබන්නේ වසර 3කට නොව වසර 4කට බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මේ හරහා උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල් වෙත හිමිවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.