Monday, February 23, 2026
Follow Us
හිටපු රාජ්‍ය ඇමැති සූජීව සේනසිංහගේ නිවාස හොරු බිඳියි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මහනුවර පොලීසිය කියයි.

සොරාගත් භාණ්ඩ අතර. රන් බඩු, මුදල් සහ මොටර් රථ බැටරියක් වන බව ඒ මහතා පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වේ.

නිවසේ සේවකයන් වශයෙන් සිටි දෙදෙනකු විසින් මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට සැකකරන බවට ඒ මහතා ඊයේ (11) පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

සිද්ධියේ සැකකරුවන් මෙතක් හදුනාගෙන නොමැත

මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Lankadeepa