Saturday, July 04, 2026
Follow Us
Social and Equity

බක් මස පුර පසළොස්වක පුන් පොහොය අදට යෙදී ඇති අතර මෙදින ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයක් ලෙස ඉතිහාසයේ සඳහන් වේ.

Social and Equity
සෑම වසරකම අප්රේල් මාසය පුරා නුවරඑළිය නගරය කේන්ද්ර කරගනිමින් පැවැත්වෙන වසන්ත සැණකෙළිය 2023 මෙවරත් උත්සවාකාරයෙන් ඊයේ (01) ආරම්භ විය.
Social and Equity

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්) හය දෙනා අතරට තේරී පත්ව ඇත.

Social and Equity

ආයුර්වේද සම්බාහන ශිල්පීන් උදෙසා ජාතික වෘත්තීය නිපුණතා මට්ටම් 04 (NVQ LEVEL 04) සඳහා ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දී තිබේ.

Social and Equity

එළැ‌ඹෙන උත්සවය සමයේ ගෘහ ආශ්‍රිත සුළු නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින්ට කිසිදු මුදලක් ගෙවීමකින් තොරව මාර්ග දෙපස වෙළදාම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ් සම්බන්ධයෙන් එම වෙළෙඳුන් රජයට ස්තූතිය පළ කර සිටිති.

Social and Equity

ලෝක ජනගහනයෙන් 70%කට වැඩි පිරිසක් පිරිසිදු ජලය සපයා ගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

“ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙකුගෙන් තිදෙනෙකු ජීවත් වන්නේ ජල අනාරක්ෂිත රටවල. ජලය ආශ්‍රිත විපත්වලට වඩා වැඩි පිරිසක් මිය යන්නේ ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂක සේවාවන් නොමැතිකමෙනි." යනුවෙන්ද එම වාර්තාවේ සඳහන් වේ.

එහි දැක්වෙන අන්දමට පාකිස්තානයේ 50%ක ජනතාව පානීය ජලය සපයා ගැනීමේදී දැඩි ගැටලුවලට මුහුණ දෙයි.

එක්සත් ජාතීන්ගේ ජල, පරිසරය සහ සෞඛ්‍ය ආයතනය ප්‍රකාශයට පත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ පාකිස්තානය සහ තවත් රටවල් 22ක් “ජල අනාරක්ෂිත” කාණ්ඩයට ඇතුළත් කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව පාකිස්තානයට අමතරව සොලමන් දූපත්, එරිත්‍රියාව, සුඩානය, ඉතියෝපියාව, වනුවාටු, ඇෆ්ගනිස්ථානය, ජිබුටි, හයිටි, පැපුවා නිව්ගිනියා, සෝමාලියාව, ලයිබීරියාව, ශාන්ත කිට්ස් සහ නෙවිස්, ලිබියාව, මැඩගස්කරය, දකුණු සුඩානය, මයික්‍රොනීසියාව, නයිජර්, සියෙරා ලියොන්, යේමනය, චැඩ්, කොමරෝස් සහ ශ්‍රී ලංකාව යන රටවල ජනතාව ජීවත් වෙන්නේ ජල අනාරක්ෂිත පසුබිමකය.

කෙසේ වෙතත් ඩෙන්මාර්කය, ලක්සම්බර්ග්, ඔස්ට්‍රියාව, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, අයිස්ලන්තය, අයර්ලන්තය, ප්‍රංශය, ලිතුවේනියාව, ග්‍රීසිය, ජර්මනිය, එක්සත් රාජධානිය, එස්තෝනියාව, ඉතාලිය, ලැට්වියාව, ස්පාඤ්ඤය, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ක්‍රොඒෂියාව, චෙෂියාව, පෘතුගාලය සහ ස්වීඩනය ඉහළම මට්ටමේ ජල සුරක්ෂිතතාව ඇති රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇත.

Aruna

Social and Equity
ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි
Social and Equity

බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධාන කළ රථ පෙළපාළියකදී කැබ් රථයක් පෙරළීයෑමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් 06දෙනෙකු තුවාල ලබා තිබේ.

Social and Equity

මේ වසරේ ජුනි මස පළමුවැනිදා සිට ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් බීම බට සහ කලතන යන නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය, භාවිතය තහනම් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ පැවසීය.

Social and Equity

රුපියල් හත්දහසකට මිලදී ගත හැකි "ගැන්සයික්ලෝවියන්" නමැති ප්‍රති වයිරස එන්නත රුපියල් හැත්තෑහත්දහසකටත්, රුපියල් දෙසීයකට ඇති "ලිනොසොලිඩ්" නමැති ප්‍රතිජීවකය රුපියල් දෙදහස් දෙසීයකටත් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන බවට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරන බව වාර්තා වෙයි.

Social and Equity

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උත්පල කුමාරසිංහ ඉතිහාසගතවන මතකයක් ඉතිරිකරමින් සිය සහෘද සේවකයින්ගේ හරසර මැදින් ගුවන් නියමුවෙකු ලෙස වසර 40ක සිය සේවය ඊයේ (31) නිම කළේය.

Social and Equity

නුවරඑලිය වසන්ත සැණකෙළිය අප්‍රේල් මස 1වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නුවරඑළිය මහ නගර සභාව සියලු කටයුතු සුදානම් කර තිබේ.

Social and Equity

ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1450 ක මුදලක් ලබාගත් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් නියම කර තිබෙන බව වාර්තා වෙයි .

Social and Equity

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

Social and Equity
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී, නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 වැනිදා සිට තානාපති කාර්යාල සුරක්ෂා නිවාසවලට භාරනොගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. 
Social and Equity

අලුත් අවුරුදු සමයේ සහ නත්තල් සමයේ රියඅනතුරු වැඩි වශයෙන් සිදු වන බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික ආචාර්ය සංජය පෙරේරා පවසයි.

Social and Equity

බෝ නොවන රෝග වලින් මිදීම සඳහා ක්‍රියාශීලීභාවය ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරින් බාලසිංහම් මහත්මිය පැවසුවාය.

Social and Equity

හෙක්ටර් කොබ්බෑකඩුව ‌ ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ඊයේ (29) මෑතක දී සිදු කරන ලද පර්යේෂණ කිහිපයක වාර්තා 05ක් එළිදක්වනු ලැබීය.