Monday, February 23, 2026
Follow Us
ETF පරීක්ෂා කිරීමට Online ඔස්සේ ක්‍රමවේදයක්

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබේ.

ඒ අනුව මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකිය.

අදාළ සාමාජිකයා සියයට 30ක ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් සපුරා තිබේද යන්නද එහි සඳහන් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

-Dinamina