Monday, February 23, 2026
Follow Us
සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය ස්ථාපිත කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සූදු ක්‍රීඩා මඟින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකරගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම, සූදු ක්‍රීඩාවන් මඟින් පුද්ගලයින්ට හා සමාජයට සිදු වන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම වැනි කාර්යයන් සඳහා සියලුම සූදු ක්‍රීඩා ක්‍රියාකරුවන්ට බලපාන පරිදි සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබේ