තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිතව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් පෙබරවාරි මාසයේ සිට මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
A collaborative effort led by the Export Development Board (EDB) alongside Sri Lankan universities, the Tropical Ornamental Fish Association and Sri Lanka Ornamental Fish Farmers’ Association organised a one-day workshop on 11 January.
දැනට වෙළෙද පලේ ඉහළ මිලකට අලෙවි වන ආහාර ද්‍රව්‍ය රැසක් අවම මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට ලබා දීමට රජයට අයත් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.
වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අලෙවි කරන වෙළෙඳසැල් දිවයින පුරා විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
The three-day Jaffna International Trade Fair 2024 kicked off yesterday as part of its pivotal role in fostering economic growth and community development in the Northern Province.
මත්ද්‍රව්‍ය භාවිත කොට පොදු ප්‍රවාහන සේවාවේ නිරත රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
මිල්කෝ සමාගමට දෛනිකව ලැබුණු කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මෙතෙක් සරම්ප එන්නත ලබානොගත් මාස 09 සිට අවුරුදු 15 දක්වා කණ්ඩායම සඳහා සරම්ප එන්නත ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ් මහතා පවසයි.
දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කිරීමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරට ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින් දිවයින පුරා පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ (20) ගාල්ල , ඇත්කඳුර සීවලී මහා විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි .
ව්‍යායාම කිරීමේදි දහඩිය දැමීම අනිවාර්යෙන්ම සිදුවන්න ඕන යැයි කීම දුර්මතයක් බව ව්‍යායාම සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චතුරංග රණසිංහ පවසයි.
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2023 ඊයේ (16) ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හැට පහකට අධික තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ ඊට සහය වූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විරෝධතා සහ අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් අනතුරුව ලක්ෂ 3ක පවුල් සංඛ්‍යාවක් අලුතින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් රත්නපුර දිස්ත්‍රික්කය Zero Plastic ආදර්ශ දිස්ත්‍රික්කයක් ලෙස නම්කිරීමට යෝජනා කර ඇත.
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ(19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසීය.
අප රටේ ජෛව විවිධත්වයේ සංකේතයක් වූ වන අලි සම්පත දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇත. ගණනය කිරීම් වලට අනුව 6000 ක් පමණ වූ ශ්‍රි ලංකාවේ වන අලි ගහනයෙන් 2023 වර්ෂයේ පමණක් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුකොට ගෙන 474 දෙනෙකු මරණයට ලක්වී ඇත. ඒ අතරින් ලංවිම විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මඟින් අලි ඇතුන් 50 දෙනෙකු පමණ මරණයට පත්වී ඇති බව වාර්තා වී ඇත.
ජාත්‍යන්තර සාධාරණ වෙළඳාම ඉදිරියට ගෙන යාම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වූ වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සමඟ සහයෝගීතා රාමුවට ((Framework of Cooperation – FOC)) නිල වශයෙන් අත්සන් කිරීම පසුගියදා කොළඹ දී සිදුවිය .
Page 107 of 756