මිහිමව සනසා මනුලොව සරසා මහ රුක් පූජා 2024 වර්ෂයේ පළමු අදියරේ වැඩසටහන අනුරාධපුර මහමෙව්නා උයන සහ තිසාවැව පාදක කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී. අඹ, දිවුල්, අලිගැට පේර ආදී පළතුරු පැළ සහ ඇසළ, මී, කුඹුක් වැනි ප්‍රදේශයට ආවේණික ශාක රෝපණය කිරීම මෙහිදී සිදුකෙරිණි.
ශ්‍රී රාජකීය පදනම මගින් සංවිධාන කරනු ලැබූ "ලක් අභිමන් 2024" ගෞරව සම්මාන උළෙල පසුගියදා (14) මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණ.
උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.
කැලණි ගියේ රු. 25,000කට කුලියට ගත් ලිමොසින් කාරයෙන්
යූටියුබ් නාළිකා 5ක් – අගසව්වන් දෙදෙනෙක්
අනුගාමිකයන් 300ක් – සා.පෙළ අසමත්
බිරිය දරුවන් ඊජිප්තුවේ
සැකකරු අංගොඩ මානසික විද්‍යායතනයට යොමු කර ලබන 24 වැනිදාට පෙර මානසික වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට නියම කළේය.
අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් නම් බෝධිසත්ත්වයකු වශයෙන් පෙනී සිටිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා බුදු දහම විකෘති කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇතුළත් දේශනා පවත්වා බෞද්ධ ජනයා තුළ සිත් රිදවීම් ඇති කළ බව කියන මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (16) නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥයා කරුණු දක්වන අවස්ථාවේදී සැකකරු විත්ති කූඩුවේ සිට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ අංග චලනයෙන් කළ සංඥා අධිකරණය නිරීක්ෂණය කළ බවත් සැකකරු යම් මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන බවට ඉන් නිරීක්ෂණය වූ බවත් කී මහේස්ත්‍රාත්වරයා සැකකරු සිදු කළ ප්‍රකාශ හේතුවෙන් මහජන කැලඹීමක් සිදු වේ යැයි කියමින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
පන්නිපිටිය වීර මාවතේ පිහිටි කුලී නිවෙසක සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේ මොහු මානසික ආබාධයකින් පෙළෙන බවත් දඬුවම් ලබා නොදී අනුකම්පා කළ යුතු බවත්ය. සැකකරුට ප්‍රතිකාර දිය යුතු බව කී දිලීප පීරිස් මහතා සැකකරුට දඬුවම් අපේක්ෂා නොකරන බවත් ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකරුට ඇප ලබා දුනහොත් ප්‍රබල මහජන කැලඹීමක් සිදු විය හැකි බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.
“රටේ වාසනාවට මෙම දින 12හිදී සිදු වීමට ගිය හානිය වළක්වා ගන්න හැකි වුණා. මේ වන විට දින 14ට රුපියල් ලක්ෂ 15ක මුදලක් ඔහු වැය කරලා. 2016දී විශේෂ ඥානයක් ලැබූ බව කියමින් ලංකාව පරිහානියට ලක් වීම නිසා මෙරටට පැමිණි බවට දේශනා සිදු කර තිබුණත් ඊජිප්තුවෙන් පිටුවහල් කර තිබෙන්නේ වීසා නැති නිසයි. සැකකරු කුලියට ගත් නිවෙස අයත් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ බිරියකටයි. සැකකරුට බෞද්ධ ජනයාගෙන් ජීවිත තර්ජන තිබෙන බැවින් සැලසුම්සහගතව මෙවැනි පරිසරයක සැඟවී සිට තිබෙන්නේ. යූටියුබ් නාලිකා 5ක් භාවිත කර තිබෙනවා. මොහුගේ ප්‍රධාන අනුගාමිකයන් කිහිපදෙනකු සිටිනවා. අග සව්වරුන් දෙදෙනකු සිටින බවට කියා තිබෙනවා. එක් අයකු පුණ්‍යසිරි කියන පොලිස් සැරයන්වරයෙක්. තවත් දෙදෙනකු වෛද්‍යවරුන්. ඔස්ට්‍රේලියාවේ පදිංචි අයකුත් සිටිනවා. අනුගාමිකයන් 300ක් සිටින බවට කියා තිබෙනවා“ යැයිද දිලීප පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙසේ කරුණු දැක්වීය.
සැකකරු අත්අඩංගුවට ගත්තේ පන්නිපිටිය වීර මාවතේ පිහිටි කුලී නිවෙසක සිටයි. 1979.6.23 බරවාකුඹුරදී ඉපදුණු සැකකරු අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වී තිබෙනවා. 2011දී විවාහ වී 2012දී අමෙරිකානු කඳවුරක නිලධාරින්ගේ නිල නිවෙසේ සුනඛයන් බැලීමට ගොස් තිබෙනවා. ඊජිප්තුවේ වසර 4ක් වීසා නැතිව සිට අමෙරිකානු ඩොලර් 450ක දඩයක් ගෙවමින් ඒ රටෙන් මෙරටට පිටුවහල් කර තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණි ඔහු විශේෂ අවසරයක් ලබාගෙන අමුත්තන් පැමිණීමේ පර්යන්තයෙන් පිටතට පැමිණ මල් මාල සහ සළු පලන්දවා රංගනයක් ක්‍රියාත්මක කරමින් රහතුන් 41ක් සිටින බවට දේශනයක් කර තිබෙනවා. ඉන් අනතුරුව තමයි කැලණිය විහාරස්ථානයට ගිහින් තිබෙන්නේ. එහිදී කිසිදු අවසරයක් ලබා නොගෙන තමයි මේ ප්‍රකාශ සිදු කර තිබෙන්නේ. එහිදී ඔහු බෞද්ධ මෙහෙණින් වහන්සේ නමක් ලවා වන්දනා කරගෙන තිබෙනවා. තවත් කාන්තාවන් ඔහුට වන්දනා කර තිබෙනවා. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් නමක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බුදු දහම ආරක්ෂා කිරීමට ගත යුතු පියවර ගන්නා ලෙස ඉන් ඉල්ලා තිබෙනවා. බෞද්ධ ඉගැන්වීම් විවේචනයට ලක් කරන මේ පුද්ගලයා සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීම රාජ්‍ය වගකීමක් ලෙස එහි පෙන්වාදී තිබෙනවා. මුදල් පාලනය කර තිබෙන්නේ නිලන්තිකා කරුණාරත්න කියන අයෙක්. ඇගෙන් ප්‍රකාශ ගත්තා. ලක්ෂ 15ක් පමණ වැය වූ බවට කියා තිබෙනවා. ඔහු කැලණියට ගමන් ගත් ලිමොසීන් කාරය කැලණිය පුද්ගලයකුගෙන් රුපියල් 25,000කට කුලියට ගත් කාර් රථයක්. මවුපියන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා. පියා සහ සහෝදරියක් කියා තිබෙන්නේ ඔහු 2013 විදේශගත වූ බවයි. ඔහු සමඟ එදා සිට සම්බන්ධතාවක් නැති බව කියා තිබෙනවා. ඔහුට නිවුන් දරුවන් දෙදෙනකු සිටින බවටත් දන්වා තිබෙනවා. බිරිය සහ දරුවන් ඊජිප්තුවේ සිටින බවට කියා තිබෙනවා. මෙවැනිම කළුතරින් මතු වූ තවත් බුදු කෙනකුන් ගැන සඳහන් වෙනවා. මොවුන් මුදල් පසුපසයි හඹා යන්නේ. වහා පියවර ගත යුතුයි. සැකකරුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් පේමසිරි රත්නායක, බෞද්ධ කේන්ද්‍රය, සිංහල රාවය සංවිධානය අගුළුගල්ලේ සිරි ජනානන්ද හිමියන් සහ බළන්ගොඩ කස්සප හිමියන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කළා.
මේ පුද්ගලයා විසින් යූටියුබ් නාලිකා 5ක් පවත්වාගෙන යනවා. ඒ ඔස්සේ සහ තම ෆේස්බුක් ගිණුම් ඔසසේ මේ දේශනා ප්‍රචාරය කර තිබෙනවා. දිගින් දිගටම නිවාසවලට යමින් මේ දේශනා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. යූටියුබ් නාලිකා ඔස්සේ 180 දේශනා සහ 180 කෙටි දේශනා නමින් මේ දේශනා සිදු කර තිබෙනවා. බුදුන් වහන්සේට තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හෑල්ලුවට ගනිමින් කතා කර තිබෙනවා.
ඔහුට සර්වඥ බලයක් තිබෙන බවත් කියා තිබෙනවා. එහෙත් අද ඔහු අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් සරණ ලබාගෙන තිබෙනවා. අධිකරණයේ පිහිට පතා තිබෙනවා. මේ පුද්ගලයාට විශාල මුදල් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ සම්බනධයෙන් විමර්ශන සිදු කරනවා. මිනිස්සුන් සූරා කමින් මොහු කටයුතු කර තිබෙන්නේ. යම් ආගමක් මතවාදයක් ඕනෑම කෙනකුට පවත්වාගෙන යා හැකියි. ඔහු මුදල් අල්ලන්නේ නැහැ කියමින් නිවෙසේ අමෙරිකානු ඩොලර් 110ක්, පවුම් 15ක් තිබී සොයාගෙන තිබෙනවා. බැංකු ගිණුම් 2ක් තිබෙනවා. අධිකරණ නියෝග ලබාගත් පසුවත් මොහුගේ චර්යාවේ වෙනසක් දකින්නට නැහැ. ඔහුට එරෙහිව පියවරක් ගත්තොත් රටට හෙණ ගහනව කියා තිබෙනවා. අත තිබ්බොත් රට විනාශ වන බව කියා තිබෙනවා. ඔහුගේ මානසික සෞඛ්‍ය පරීක්ෂා කළ යුතුයි. මනෝ වෛද්‍යවරයකුට යොමු කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන්න. දීර්ඝ විමර්ශනයක් සිදු කරා. ප්‍රකාශ 10ක් ලබාගෙන තිබෙනවා. ඔහු සමඟ කටයුතු කරන පුද්ගලයන්ගෙන් ඔහුගේ විවිධ ක්‍රියාකාරකම් සම්බ්නධයෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා. ඇප දීම සුදුසු නැහැ. එසේ වුවහොත් ප්‍රබල මහජන කැලඹීමක් සිදු වේවි. අධිකරණ නියෝගය හේතුවෙන් ඇතිව තිබූ කැලඹීම බොහෝ දුරට පහව ගියා. ඇප දීමට විරුද්ධයි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා,
“ආගමික නායකයන්ට හානි වන අයුරින් මගේ සේවාදායකයා කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. අද දේශපාලන සිවිල් ජාත්‍යන්තර සම්මුති පනත යටතේ නඩු දාන්නේ නැත්තේ ඇයි. නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා එලෙස කටයුතු නොකරන ලෙසට. කිසිම ආගමික කැලඹීමක් නැහැ. බුදු වන සිතුවිලි මනසට ඕනෑම කෙනකුට එන්න පුළුවන්. මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා ගොනු වී නැහැ. ඇප දිය හැකි වැරදි කර තිබෙන්නේ. සුදුසු ඕනෑම කොන්දේසියක් මත සැකකරු මුදා හරින්න.
මහේස්ත්‍රාත්වරයා,
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා අවලෝකිතේශ්වර් බෝධිසත්ත්වයන් නමින් පෙනී සිටිමින් බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වමින් බෞද්ධ ජනයා තුළ සිත් රිදවීම් ඇති කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා. මහනාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් දෙනකු කරුණු දක්වා තිබෙනවා. සමාජ මාධ්‍යයේ වරින්වර උඩුගත කළ ප්‍රකාශ හේතුවෙන් සමාජයේ මතභේදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවට කරුණු දක්වා තිබෙනවා. මහනාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් නමක් ලිපියක් නිකුත් කර තිබෙනවා. සමාජයේ මේ පිළිබඳ පුළුල් කතාවක් ඇති වී තිබෙනවා. ජනමාධ්‍ය ඔස්සේ පුළුල් සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සුළුකොට තැකිය නොහැකියි. මුදල් විශුද්ධිකරණය පරිගණක අපරාධ පනත ඇතුළු පනත් යටතේ තවදුරටත් විමර්ශන කරන බව කියා තිබෙනවා. එම ඇප දිය හැකි වැරදි ගණයේ ලා සලකන්න බැහැ. ඇප පනතේ 14-1 නොසලකා නියෝග නිකුත් කරන්න බැහැ.මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කරුණු දක්වන අවස්ථාවේ සැකකරු විත්ති කූඩුවේ සිට ඔහුගේ අංග චලනයෙන් කළ සංඥා අධිකරණය නිරීක්ෂණය කරා. ඒ තුළින් ඔහුට යම් මානසික ව්‍යාකූලතාවක් ඇති බවට නිරීක්ෂණය කරා. එලෙස සැකකරු ඇප මත මුදා හැරියහොත් යම් මහජන කැලඹීමක් ඇතිවිය හැකියි. සැකකරු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරමි. සැකකරු අංගොඩ මානසික විද්‍යායතනයට යොමු කොට ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් ගොනු කරමි. ඊට අදාළ වාර්තාවක් ගොනු කරන ලෙස එහි අධ්‍යක්ෂවරයාට නියෝග කරමි.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි දින අධිකරණයට වාර්තා කරන්න යැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ජනවාරි මස 10 වැනිදා ලැබුණු පැමිණිලිවලට අනුව තාලිගල බරවාකුඹුර පදිංචි කොඩිතුවක්කු කංකානම්ලාගේ මහින්ද කොඩිතුවක්ක යන අය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය හා සාක්ෂි ආඥා පනතේ (ඉ) (1) වගන්ති ප්‍රකාරව චෝදනා ගොනු කරනු ලබන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි සහකාර පොලිස් අධිකාරි චන්දිමා යන නිලධාරින් ඇතුළු පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.
-Dinamina
මෙම වසරේ (2024) ගතවූ දෙසතිය ඇතුළත දිස්ත්‍රික්ක දහයක අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හැටහතකින් ඩෙංගු රෝගීන් පන්දහස් විසිනවදෙනකු වාර් ථා වි ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මත්පැන් අලෙවිසල් ලබන 15 වැනිදා වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
රුහුණු කුමාරි දුම්රිය නැවතත් හෙට (16) සිට මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගතවූ පැය 24ක කාලය තුළදී තුළදී යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 897ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය, මහනුවර දිස්ත්‍රික්කයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට සැලසුම් කරන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පැවසීය.
සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.
ඉදිරියේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හරහා පළාත් පාලන ආයතනයන් මගින් සංචාරක ආකර්ශණීය ස්ථාන සංවර්ධනය කිරිම සඳහා මහ භාණ්ඩාගාරයෙන් සෘජු ලෙස ප්‍රතිපාදන වෙන් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.
මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රවාහන අමාත්‍යවරයා, ජාතික ගමනාගමන කොමිසම් සභාව , පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුවත් කර සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සීසීටීවී (CCTV) කැමරා සවිකිරීමට අදහස් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons recently surpassed 150MWp of installations, a national record for rooftop solar PV capacity in Sri Lanka, setting a new milestone in the island’s transition to renewable energy.
නොමිලේ දෙන දුම්රිය එන්ජින් බලන්න ලංකාවෙන් ඉන්දියාවට 65ක් ගොස් නැති බව මහාමාර්ග ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන "යුක්තිය මෙහෙයුම" ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර ඇත.
Page 108 of 756