Sri Lanka is ranked 4th in among the top solo travel destinations this year, by the prestigious Forbes magazine.
වර්තමාන රජයේ ප්‍රතිපත්තිය දීර්ඝ කාලීන දඩුවම් ලබාදීමට වඩා පුනරුත්ථාපන ක්‍රියාවලිය මඟින් වැරදිකරුවන් යහමාර්ගයට ගැනීම බවත් එම ක්‍රියාවලිය තුළින් බන්ධනාගාර තදබදයට විසදුමක් ලබාගතහැකි බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
උපත් අනුපාතිකයේ පහත වැටීමක් හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ජනගහනයේ සැලකිය යුතු පරිහානියකට මුහුණ දෙනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජනවිකාශන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය 25% කින් පහත වැටීම අනාගත ජනගහන පරිහානියට ප්‍රධාන හේතුවක් ලෙස ඔහු හඳුනාගෙන තිබේ.
2022 වසරේ ශ්‍රී ලංකාවේ වාර්තා වන උපත් සංඛ්‍යාව, 2013 වසරේ වාර්තා වූ උපත් සංඛ්‍යාවට සාපේක්ෂව 90,000ක අඩුවීමක් පෙන්නුම් කරන බව සඳහන් කළ ඔහු වත්මන් උපත් අනුපාතය මරණ සංඛ්‍යාවට ආසන්න වෙමින් පවතින බව පෙන්වා දෙයි.
රටේ තරුණ තරුණියන් පිටරටවලට සංක්‍රමණය වීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක්විය හැකි බවට ද මහාචාර්යවරයා අනතුරු අඟවයි.
-Aruna
රුපියල් මිලියන 337ක විදෙස් ආධාර යටතේ ප්‍රධාන පාරිසරික ව්‍යාපෘති හයක් ඔස්සේ මෙම වසරේදී මෙරට පාරිසරික ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද පැවති දෙවන එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ලකුණු 95ක් රැස්කරගත්තේය.
සිය මංගල එක්දින අර්ධ ශතකය සමගින් ගොඩ නැගූ ඔහුගේ එම ආරක්ෂාකාරී ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.
නායකයාගේ සිට කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සුපුරුදු පරිදි වගකීම් විරහිත පිතිකරණයක නියැලෙද්දී අවසානයේ පිටියට පිවිසි දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගියේය.
ඒ අනුව ජනිත්ගේ පිත්තේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ කර මතින් පන්දුවාර 49කදී කඩුලු 8ක් දැවී ලකුණු 211ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 208ක් රැස්කරගත්තේය.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුලු 4ක් දවාගත්තේය.
දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 බැගින් දවාගත්තේය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රේග් අර්වින් හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 82ක් රැස්කරගත්තේය.
Aruna
බෝධි සත්ත්වයෙකු වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝගයක් නිකුත් කළේය.
ෙප්‍රවාහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත "2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක් " කෘතිය ජන ගත කිරීම ඊයේ (10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු විය.
උතුරේ සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය රියො අයිස් ක්‍රීම් වෙළඳසැලට පැමිණ අයිස් ක්‍රීම් රස බැලීමට ද අමතක නොකළේය.
The newly appointed Indian High Commissioner Santosh Jha visited the Gangaramaya Temple this morning and enaged in religious observance and invoked blessings
හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් රචිත “මම ඔස්ටින්“ කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
දේශගුණික විපර්යාස පිළිබද අන්තර්ජාතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ඉදිකරන බව පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට වැඩිදුරටත් ආරක්ෂාවක් සැපයීම හා ඇතැම් සංචාරක කලාපවල පවතින ගැටලුකාරී තත්ත්වයන් සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ සහය ලබාගත හැකි ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ප්‍රථම වරට විශේෂ අවශ්‍යතා සහිත (ඔටිසම් -Autism Spectrum Disorder) සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පුහුණු පාඨමාලාවක් (Information & Communication Technology Technician NVQ Level 2) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මෙම වැඩසටහන මගින් විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා වෘත්තියක් සඳහා අවශ්‍ය කුසලතා හා රැකියා අවස්ථා ලබාදීමට එම අධිකාරිය සැලසුම් කර තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයක් ස්ථාපනය කර විවෘත කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.
Page 109 of 756