Wednesday, May 08, 2024
Follow Us
අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට  - www.garusaru.lk වෙබ් අඩවිය ජනගත කෙරේ

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක 'ගරු සරු' වැඩසටහන සඳහා ශ්‍රමිකයින් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේ අද (26) පැවති 'ජයගමු ශ්‍රී ලංකා' වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබුවේය.

www.garusaru.lk යන වෙබ් ලිපිනය ඔස්සේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේ අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව ක්ෂේත්‍ර විස්සකට අදාළව ශ්‍රමිකයින්ට ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වන අතර එසේ ලියාපදිංචි වන සෑම අයෙකුගේ නමකටම පුද්ගලිකව QR කේතයක් හිමි වේ.

ත්‍රීරෝද රථ රියදුරු, මෝටර් රථ කාර්මික, කලාකරුවන්, රූපලාවන්‍ය ශිල්පීන්, වඩු කාර්මිකයින්, කිමිදුම්කරුවන්, දේශීය ගෘහ සේවිකා, ධීවර කර්මාන්තය, බේකරි සහ ආහාර බෙදාහැරීම්, මාධ්‍යවේදී, පෙදරේරු, විසිතුරු ධීවර කර්මාන්තය, පින්තාරුකරු, ජලනල කාර්මික, පෙරපාසල් ගුරු, පුද්ගලික බස්රථ රියදුරු සහ කොන්දොස්තර, තෙරපිස්ට්, ටයිල් කරන්නන්, පෑස්සුම්කරු යන කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට දායක නොවන ක්ෂේත්‍ර විස්සක් සඳහා ගරුත්වය සහ සාරවත්භාවය සහිත තිරසාර ප්‍රතිලාභ හිමි වන ක්‍රමවේදයක් මේ හරහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.