Thursday, February 12, 2026
Follow Us
සාපෙළ විභාගය නිරීක්ෂණයට අතිරේක නිලධාරීන්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ශාලා සුපරීක්ෂණයට අතිරේක නිලධාරීන් යෙදවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

එම විභාගයේ මෙතෙක් පැවැති විෂයන් සම්බන්ධයෙන් මේ වන විට උද්ගත වී ඇති විවාදාත්මක තත්වයන් හේතුවෙන් අතිරේක සුපරීක්ෂණ නිලධාරීන් යෙදවීමට විභාග කොමසාරිස්වරයා ජනරාල්වරයා මේ වන විට කටයුතු කර ඇති බවත් විභාග පනතට අනුව විභාග සම්බන්ධයෙන් සියලුම තීරණ ගැනීමේ අයිතිය විභාග කොමසාරිස් ජනරාල්වරයාට පැවරී ඇති බවත් අමාත්‍යවරයා කීය.

Lankadeepa