වේගයෙන් නාගරීකරණය වන මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, නගර ආශ්‍රිත සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස් ලබා දුන්නේය.
ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගැනීම සදහා කිසිදු බාහිර පාර්ශවයකට මුදල් ලබාදිය නොදිය යුතු බවත්, එසේ මුදල් ලබාදී ඇති බවට තහවුරු වුවහොත් මුදල් ලබාදුන් අයගේ රැකියා අවස්ථාවන් අහිමිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
කළුතර දිසා අධිකරණයේ කාර්යාල සහයකයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
බෝ නොවන රෝග වළක්වා ගැනීම හා පාලනය කර ගැනීම පිළිබද කතිකාවතක් සකස් කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් වන නිසා මාධ්‍ය ආයතනවලින් යම් ඉඩක් ලබා ගැනීම සදහා ඉල්ලීමක් කිරීමට තීන්දු කළ බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
මෙරට බෝනොවන රෝග (NCD) පාලනය හා ඒ හේතුවෙන් සිදුවන මරණ අඩු කිරීමේ අරමුණින් ජපන් ජනතාව විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යෙන් මිලියන 500 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරිම අද (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී සිදු කෙරිණි.
කලාවේත් කලාකරුවන්ගේත් වෘත්තීයභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පනතක් මගින් අධිකාරී බලයක් සහිත නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට අදාළ මූලික සාකච්ඡාවක් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ආබාධිත සහන සේවා මධ්‍යස්ථානය" ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ප්‍රදේශයේ රෝහල් රැසක ඔක්සිජන් අවශ්‍යතාවය සැපයීමේ කටයුතු ද ඇරඹේ.
ගාල්ල උඩුගම මුලික රෝහලේ අළුතින් ඉදිකරන ලද නව ඔක්ෂිජන් නිෂ්පාදන පද්ධතිය සහිත ගොඩනැගිල්ල (OXYGEN GENERATION PLANT) විවෘත කිරීම ඊයේ (08) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
නව ඔක්ෂිජන් නිෂ්පාදන පද්ධතිය සහිත ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියොජිත ක්‍රිස්ටියන් ස්කූග් (Mr Christian Skoog) මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා තානාපති Mr Eric Walsh මහතා ද එක්ව සිටියහ.
මෙම ඔක්ෂිජන් නිෂ්පාදන පද්ධතිය සහිත ගොඩනැගිල්ල සදහා රුපියල් මිලියන 200 ක මුල්‍ය දායකත්වය කැනඩා රජය මගින් ලබාදී ඇති අතර, එහි සම්බන්ධිකරණ කටයුතු යුනිසෙෆ් (UNICEF) සංවිධානය විසින් සිදු කොට ඇත. මසකට මිලිලීටර් 50,000 ක නිෂ්පාදන ධාරිතාවයකින් යුක්ත වේ.
ඇඳන් 150 ක කින් යුත් උඩුගම මුලික රෝහලේ මාසික ඔක්සිජන් අවශ්‍යතාවය ලීටර් 10,000 ක් පමණ වන අතර, නිෂ්පාදනය කරන අතිරික්ත ලීටර් 40,000 ක ප්‍රමාණය ඇලිපිටිය, බලපිටිය, නාගොඩ වැනි අවට පිහිටි දිස්ත්‍රික්, මුලික හා පර්යන්ත රෝහල් රැසකට සැපයිමට කටයුතු කෙරේ. මෙදින සිට එම වැඩපිළිවෙල ද ක්‍රීයාත්මක වේ.
රෝහල තුල ම ඔක්සිජන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් පුදගලික අංශය වෙත ඇදී යන විශාල මුදලක් ඉතුරු කර ගැනීමට මෙමගින් හැකි වන අතර, ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ හිඟයකින් තොරව ඔක්සිජන් සැපයීමට මෙමගින් හැකියාව ලැබේ.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ කැනඩා රජයෙන් ලබාදුන් මෙම ප්‍රදානය උඩුගම රෝහලට මෙන්ම දකුණු පළාතට ලැබුනු ඉතා වැදගත් වූ පරිත්‍යාගයක් බවයි. කැනඩා රජය සහ යුනිසෙෆ් සංවිධානය කොවිඩි වසංගතය පැවැති අවස්ථාවේ දී ද මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය ඇතලු රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිමට පරිත්‍යාග රැසක් සිදු කර ඇති බවත් කැනඩා රජයට ඇතුලු සියළු ජනතාවට සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ස්තූතිය පුද කරන බව ද පැවැසිය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශෞෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය පැවැති අවධියේ ඔක්සිජන්වල ඇති අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබදව අවධානය යොමු වු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානින් රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ඔක්සිජන්වල ඇති අවශ්‍යතාවය තහවුරු කළ බව ද පැවැසීය.
උඩුගම රෝහලට පමණක් නොව ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් රොහල් සදහා ද මෙමගින් සිය ඔක්සිජන් අවශ්‍යතාවයන් සපයා ගනු හැකි වනු ඇති බව ද පැවැසිය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, උඩුගම මුලික රෝහල් වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජී.එච්.එස් ප්‍රනාන්දු, දකුණු පළාත් සෞඛ්‍ය ලේකම් ක්‍රීෂාන්ත ඩබ්. මහේන්ද්‍ර, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
රෝහල තුල ම ඔක්සිජන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් පුදගලික අංශය වෙත ඇදී යන විශාල මුදලක් ඉතුරු කර ගැනීමට මෙමගින් හැකි වන අතර, ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ හිඟයකින් තොරව ඔක්සිජන් සැපයීමට මෙමගින් හැකියාව ලැබේ.
මෙරට ශ්‍රම බලකායේ අවිධිමත් අංශය නියෝජනය කරනු ලබන සෑම අයෙකුටම ගෞරවයක් ලබාදීමේ අරමුණින් ගරු සරු වැඩසටහන යටතේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්විණි.
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉකුත්දා කොළඹදී පැවැති ඉදිරි වර්ෂය සඳහා එම ආයතනය මඟින් නිර්මාණය කළ කැලැන්ඩරය එළි දැක්වීමේ අවස්ථාවේදී ජාතික කඩොලාන විශේෂඥ කමිටුවේ සභාපති, වයඹ විශ්වවිද්‍යාලයේ ධීවර හා ජලජ ජීවී අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පැවැත්වූ දේශනය ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.
Òසොබාදහම පුදුමාකාරය. ඒ, විටෙක සැඩ පරුෂ විය හැකි මුත් එයම තවත් විටෙක මවුවත් ගුණැතිය. එය එසේ වුවද පරිසරයෙන් දුරස්ථව විසීමක් පිළිබඳ මිනිසාට සිතිය නොහැකිය. එසේම, එය එසේ වුවහොත් පරිසරයේ ආදර, සැලකිලි මහිමය මිනිස් සංහතියටම නොලැබී යනු ඇත. ඉඳින්, අපේ මේ සූදානම ඒ වග හොඳින්ම දනවන සොබා චාරිකාවක යෙදෙන්නටයි. අපි දැන් ඊට එළැඹෙමු. එවිට මිනිසා ගේදොර ඉඩකඩම්වලට වඩා දුරස්ථ යැයි සලකන පරිසරය සැබෑවටම ගත් විට කිසිසේත් දුර නැති බව ඒත්තු ගන්වනු ඇත. එවිට අප ද එහිම කොටසක් බවටත් ඉන් අවධාරණය කරනු නියතය.
අප තවම සිටින්නේ චාරිකාව ආරම්භයේය. සැබැවින්ම අපේ මේ ගමන යෙදෙන්නේ නිතර දෙවේලේ විනෝද චාරිකාවල යෙදෙන ඉසව්වකට නොවේ. මිනිස් වාසය අඩු පෙදෙසකටය. එවන් මේ ගමන කලපු මැදින් අතු පතර ඈත්, මෑත් කරමින් මඟ හසර පාදා ගනිමින් පරිසරය විඳිමින් ලැසි ගමනින් ඉදිරියට ඇදෙන්නකි. ඒ වේගවත් නැත. උද්වේගකර නොවන්නකි. ඒ සැබෑ වෙනසකි. වෙනදා යන බජව් පන්නයේ විනෝද චාරිකාවට වඩා සැබෑ වෙනසක් ජීවිතයට එක් කරන්නකි. මේ අලුත් දැනුමක්, අවබෝධයක් තැවරුණු අත්දැකීම් සාගරයකි. එහෙත් විනෝදාස්වාදයේ අඩුවක් මෙහි නොවේ. එවිට වචනයෙන් කිව නොහැකි තරමේ සැබෑ සිසිලසක් විඳ ගත හැකි වනු ඇත. එසේම, මතු පරපුරටත් ඒ සුව විඳ ගැනීමට ඔබත් කටයුතු කරනු නියතය. කඩොලාන ලොව පුරා දක්නට නැත. එහෙත් මෙරට කඩොලාන පද්ධතිවලින් පෝෂිතය. සුවිශේෂී කඩොලාන වර්ග 70ක් පමණ මෙරට වැඩේ. ලෝකයේ දක්නට ලැබෙන කඩොලාන විශේෂ වලින් තුනෙන් එකක් පමණ මෙරටින් හඳුනාගත හැකිය. එය තවත් විශේෂත්වයකි.
කඩොලාන බෝවීම
ඉඳින්, මිනිස් වාසයේ දක්නට ලැබෙන ඇතැම් ගති සොබාදමේ ඇතැයි එක් ඉපැරැණි කියමනකි. අලි ඇතුන් රැලේදී කුඩා පැටවුන් වෙනුවෙන් රැලේ අන් ඇතින්නන්ටත් කිරි එරෙතැයි කියැවෙයි. ඒ සත්ත්ව සංහතියෙනි. ගස් කොළන් ඇතුළු ශාක ඇසුරෙන් ද එය එසේම වන වගට කඩොලාන කදිම නිදසුනකි. තවද, මිනිසා පරිසරය සමඟ සහසම්බන්ධතා කඩා බිඳ දමන විට ඒ ප්‍රකට නොවන්නකි. එය මෙසේය. කඩොලාන බෝ වන්නේ ඒ ශාකයේම බීජය එම ශාකයම පැළයක් වන තෙක් පෝෂණය කිරීමෙන් පසුව කලපුවට වැටීමෙනි. ඒ අනුව ඊට ද අපූරු අර්ථකථන දිය හැකිය.
එහෙත් තවම එතරම් ඒ විචිත්‍රතාව ගවේශකයන්ගේ සැලකිල්ලට හසු නොවූ හැඩකි. එපමණක් නොවේ. කඩොලාන පද්ධති ආශ්‍රිතව සතුන් රැසක් ජීවත් වන වගත් සැබෑවකි. වෙනත් බොහෝ ශාක පද්ධති මුහුණ නොදෙන තරමේ අභියෝගවලට කඩොලාන පද්ධති මුහුණ දෙයි. සැබැවින්ම ඒ අතිශය සෝබරය. දිනකට දෙවරක් වඩදිය, බාදිය වෙනසට මුහුණ දෙන කඩොලාන ශාකයට එසේම, ගංවතුර, රොන්මඩ, ඉතා අඩු අව් රශ්මිය ආදියට මුහුණ දෙමින් නොනැසී නැඟී සිටීමම අතිශය දුෂ්කරය. කරු මුල්, කයිරු මුල් ලවණ ජලයට හැඩ ගැසේ. දිවා කාලයට මෙහි පත්‍රවල කුඩා ලුණු කැට දක්නට පුළුවන. එතරම් කර්කශ පරිසර පද්ධතියක වැඩෙමින් කඩොලාන මවන පරිසර සුන්දරත්වය අතිමහත්ය. විචිත්‍ර පත්‍ර, මල් ඊට නිදසුන්ය. උල්මන්ද කඩොලාන අතින් තවත් වෙනස් කතාබහකට පිවිසිය හැක්කකි. විටෙක මහා රූස්ස ගසක් වශයෙන් වැඩෙන එය තවත් විටෙක කුඩාවට දක්නට පුළුවන. එමෙන්ම, කඩොලාන පද්ධතියේ වෙසෙන සතුන් වෙනම මාතෘකාවකි. තෙලකීරිය ධීවර ප්‍රජාව පවා ළං නොවන්නකි. එහෙත් එහි සත්ත්ව විශේෂ රැසක් වෙසෙති.
අපි දැන් මෙතෙක් යාත්‍රා කළ කලපුවෙන් ගොඩබිමකට සේන්දු වෙමු. ඒ ගව දෙනුන් ගහණ බිමි කඩකටයි. වෙනස් කියවීමකට දැන් යොමුවෙමු. අපි ඊට ව්‍යවහාරයේ පවතින (cow) යන වචනයත් උපකාරී කර ගනිමු. එවිට අපට ඉන් වෙනස්ම ජීවිතාවබෝධයක් සැලසෙනු ඇත. ඒ වෙනුවෙන් අපි සොබාදහම පිළිබඳ මෙතෙක් මනසේ ඇදී තිබූ විචිත්‍ර චිත්‍රය මඳකට අමතක කරමු. කඩොලාන ඇසුරේදී විචිත්‍රත්වය අත්විඳි අප දැන් සොබාදහමේම වෙනත් පැතිකඩක් ඇසුරෙන් තවත් අලුත් කියවීමකටත් පිවිසෙමු.
දැන් අපි වෛද්‍ය විද්‍යාත්මක කෝණයෙන් අවට බලමු. ඊටම ආවේණික අරුතක් අපි පොදුවේ (cow) විදියට දකින සංකේතයට වෙයි. එනම්, case of the weak (cow) වශයෙනි. වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවලදී නිතර මේ ගැන අවධානය යොමු වෙයි. එසේම, ඊට අනුව මේ වාක්‍ය කෙටිකර දැක්වීමේදීත් දැක ගැනීමට ලැබෙන්නේ (cow)යන්නමය. එපමණක් නොවේ. වෙනත් කාරණාවකට අදාළව ඊටත් වඩා වැඩි වෙනසක් මේ එකම (cow)යන පදයටම පටබැඳෙන්නට පුළුවන. නිදහසට කවුරුත් කැමැතිය. එහෙත් මෙරට පිරිමින්ට තරම් හිතුමතේ දවස නිමාවේදී හෝ සති අන්තයේදී සොබාදහමට පිවිස ඒ නිදහස විඳින්නට බොහෝ කාන්තාවන්ට අවස්ථාවක් නැත. ඒ වෙනමම කතා කළ යුත්තකි.
පාරිසරික තෙත් බිම්
මේ කියන්නට යන්නේ ඇළේ, දොළේ පැන දවසේ විඩාව, කාන්සිය නිමා ගැනීම ගැනය. ඒ කවුරුත් ප්‍රිය කරන්නකි. අපි ඒ ගැන කෙටියෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වා දුනහොත්, call of the wildside (cow) වශයෙන් නැවත පෙන්වා දිය හැකිය. ඒ ජීවිතයේම තවත් පැතිකඩකි. දැන් අපි ඉංජිනේරුමය පැත්තෙන් මේ දෙස බලමු. එවිට ඒ අතින් ද මෙයට නිර්වචන දිය හැකිය. එනම්, code weak ලෙසිනි. එපමණක් නොවේ. පරිසරයට, වන සතුන්ට පෙම් බඳින කවුරුත් conserve our wild යන්න ද අපට (cow)ලෙසින්ම කෙටි කර ගැනීමට පුළුවන. මේ ඉතා කුඩා සරල පෙන්වා දීමකි. එහෙත් ඉනුත් සත්ත්වයා හා පරිසරය දෙකම එකම දම් වැලක පුරුක් මෙන් එකට බැඳී සිටින වග ඒත්තු ගැන්වෙනු ඇත. ඒ අනුව කිසිවිටෙකත් පරිසරය නොතකමින් ඉදිරි ගමනක යෙදීමට මිනිසාට නොහැකි වග පැහැදිලිය. එතැනින් දැන් අපි නැවත අපේ තෙත් බිම් දෙසට හැරෙමු. ඒ පිළිබඳ අපට කඩොලාන අමතක කර කතා කළ නොහැකිය. ඒ තරම්ම මිනිස් ජීවිතයට මෙරට සෑම පරිසර පද්ධතියකම දක්නට නොමැති වුවත් කඩොලාන කරන බලපෑම අති දැවැන්තය. ඇතැම් විට බොහෝ දෙනකු තවම ඒ ගැන නොදන්නවා වන්නටත් පුළුවන. ඒ අනුවය, කෙළවරදී අපට conserve our wetlands(cow) වශයෙන් එකම හඬක් නඟන්නට සිදු වන්නේ, ඒ මෙපරිද්දෙනි. ඉන් කියාපාන්නේ පරිසරයට කිසිසේත් අඩු සැලකිලි දැක්විය නොහැකි බවය. ඒ, අප ද පරිසරයේ කොටසක් වන බැවිනි. දැන් අපි නැවත කලපු දියවර ඔස්සේ කඩොලාන සිසාරා ගමන් අරඹමු.
අලුත්ම දත්ත අනුව සලකා බැලුව ද එය එසේමය. නූතන මිනිසුන් පරිසරය සමඟ පැවැති සහසම්බන්ධතා බිඳ දැමීමෙන් බෙහෙවින් අවුල් වියවුල් පැන නැඟී ඇත. පිරිසුදු ජලය අද ලෝකයේ ගැටුම් ඇති කරවන තැනට ඔඩු දුවා ඇත්තකි. ඊශ්‍රායල – පලස්තීන නූතන අර්බුදය පසුපස ද ඒ එසේමය. අද ලෝකයේ දියුණුම රටවල් රුපියල් බිලියන ගණනින් climate finance වෙනුවෙන් වෙන් කරන බව නොරහසකි. එසේම, ඒ පිළිබඳ ලෝක ප්‍රකට පුවත් වෙබ් අඩවි රැසක් නිරන්තරයෙන් අලුත් තොරතුරු වාර්තා කරනු දක්නටත් පුළුවන. එහෙත් පරිසර සංරක්ෂණයට මුවාවී බොහෝ රටවල් තවමත් යෙදී සිටින්නේ සංවර්ධන මාවතේම වගත් ජනමාධ්‍ය මඟින් බොහෝ ගවේශනාත්මක වාර්තා ඔස්සේ හෙළිදරව් කර තිබේ. ඊට රොයිටර් පුවත් ඔස්සේ මෑතකාලීනව කළ එක් හෙළිදරව්වකට අනුව මෙහි සැබෑ තතු හෙළි වෙයි. ඒ අනුව ඩොලර් මිලියන 167ක් climate finance සඳහා වෙන් කළ බවක් රුවා දැක්වූ එක් රටක එක් ව්‍යාපෘතියක් නිරීක්ෂණය කළ විට එහි ඇතුළත් සෝලා පද්ධති ඇතුළු ඉතා කුඩා ප්‍රතිශතයක් පමණක් ඒ ගණයට අයත් වගත් පොදුවේ බහුතර වශයෙන් සිදු කෙරෙනුයේ වෙනදා පරිසරයට බලපෑම් කරමින් යෙදුණු ගමනම වන වගත් බොහෝ විට පැහැදිලිය.
කාබන් අද ලොවේම අවධානය යොමු වූ මෘතෘකාවකි. ඒ අර්බුදයට යම් පිළියමක් වශයෙන් කඩොලාන වගාවට පිවිසීමේ ප්‍රවණතාවක් ලෝකයෙන් දක්නට පුළුවන. සැබැවින්ම කාබන් ප්‍රතිශතය අඩු කිරීමට දායක වීම කඩොලාන මඟින් වන එක් මෙහෙයක් පමණි. අනෙක, කඩොලාන හිතුමතේ ඕනෑම පරිසර පද්ධතියක වගා කළ නොහැකි වගය. ඇතැමුන් ඒ පිළිබඳ නොදන්නා වග පෙනෙන්නට තිබේ. එය එසේ නොවන්නට අනුරාධපුරයේ කඩොලාන වගා කිරීමට ඇතැම් විද්වතුන් යෝජනා නොකරනු ඇත.
කඩොලාන විනාශ වුවහොත්
එසේම, වෙනත් අගනා පරිසර පද්ධතියක් වනසා ඒ මත කඩොලාන වගා කිරීමට පෙලඹුණු අවස්ථා ද දක්නට පුළුවන. එහෙත් ඒ තිරසර නොවන්නකි. සැබැවින්ම මෙරට මේ වන විට දක්නට ලැබෙන්නේ කඩොලාන හෙක්ටයාර් 19000ක් තරම් ප්‍රමාණයකි. වර්ෂ 1980 සිට මේ දක්වා මෙරටට හිමිව තිබූ කඩොලාන පද්ධති වලින් හෙක්ටයාර් 10,000ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් ඇතුළු විවිධ කරුණු නිසා වැනසී ගොසිනි. යම් හෙයකින් කඩොලාන පද්ධතියක් විනාශ වුවහොත් නැවත ස්ථාපනය අතිශය දුෂ්කරය. වයඹ පළාතේ ආනවිළුන්දාව ඇතුළු පළාත් ගණනාවකදීම ඉස්සන් වගාව නිසා ඒ තත්ත්වය අත්වූ කඩොලාන පද්ධති බෙහෙවින් දක්නට පුළුවන. එහෙත් රටක් වශයෙන් කඩොලාන තවදුරටත් වර්ධනය කර ගැනීම අපට ඉතා වැදගත්ය. එහෙත් එය ආවාට ගියාට කළ නොහැක්කකි. ඒ පිළිබඳ දැනුමැත්තන්, විද්වතුන් එකතු කර ගනිමින් කළ යුත්තකි. වර්ෂාවට, රැලිවලට නතු වෙමින් මිනිස් ප්‍රජාව රැක දීම කඩොලානෙන් වන තවත් මෙහෙයකි. සුනාමි ආදී උවදුරුවලදී ඉන් වූ සේවය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මේ අනුව මිනිසා ඇතුළු සත්ත්ව සන්තතියේ උන්නතියට අනභිභවනීය මෙහෙයක් ඉටු කරන කඩොලාන පද්ධති අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කොට පෝෂණය කිරීම කාගේත් වගකීමක් වන වග අවිවාදිතය. ඒ සිහියට නැඟෙන විට අවරගිරින් හිරු බැස යනු පෙනේ. ළා හිරු රැසින් කරදිය වළල්ලට මෙපිට කලපුව රන්වන් පැහැ ගන්වා ඇත. අප තවමත් මෙරට කඩොලාන පරිසරය රැක ගැනීමට පමා නැති වග ඉන් කියාපාන්නාක් මෙනි.
Dinamina
දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ඊයේ(05) උදෑසන සිට 07 වනදා උදෑසන දක්වා ඇඹිලිපිටිය, කාවන්තිස්ස රජමහා විහාරයේ දී ප්‍රදර්ශනය කෙරේ.
රාජ්‍ය සේවාවන්ට අදාළ ආකෘති පත්‍ර පිරවීම නිවෙසේ සිටම සිදු කළ හැකි ආකාරයට ඩිජිටල් විසඳුමක් සලසමින් ‘ඩිජිටල් රාජ්‍ය පෝරම’ (Digital Government Forms) හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත.
විදුලිය පාරිභෝජනයෙන් මසක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු ය.
රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගත වූ පසුවයි.
රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙනු ලැබේ.
විදුලිය විසන්ධි කරනුයේ ඉන් පසුවයි
විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලැබේ.
සාමාන්‍යයෙන් රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගත වූ පසුවයි.
ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10 ක සහන කාලයක් ලබාදෙනු ලැබේ.
විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුවයි.
ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වාදුන් ඊ බිල් (e-bill) පත් ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවති. ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත දැනුම් දෙනු ලැබේ. එමඟින් ඉතා කාර්යක්ෂමව ගෙවිය යුතු හිඟ මුදල දැනුම් දෙනු ලැබේ. මෙම ක්‍රමවේදය රතු බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීමට වඩා කාර්යක්ෂම සහ ලාභදායි වේ.
තව ද, 2023 නොවැම්බර් වන විට විසන්ධි කිරීම, නිවාස වසා තැබීම, පදිංචි කරුවන් නොමැතිවීම, නිවාස කඩා නව නිවාස සෑදීම ආදී විවිධ හේතු නිසා ශුන්‍ය පරිභෝජන (0 consumption) තත්වයේ පවතින ගිණුම් සංඛ්‍යාව 35,848 කි.
මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ සැකකටයුතු පාර්සල් 25 ක තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ශ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
Page 106 of 747