Tuesday, April 21, 2026
Follow Us
සාම පාගමන ආරම්භ ආගමික වැඩසටහන ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය පූජා කරයි
ජාත්යන්තර ප්රසිද්ධියට පත් "සාමය සඳහා ඇවිදින්න'' (Walk For Peace) සාම පාගමන ආරම්භ කිරීමට පෙර මූලික ආගමික කටයුතු අද (21) ජය ශ්රී මහා බෝමළුවේ දී  සිදු කෙරිණි.
ඒ අනුව ඇමෙරිකාවට රැගෙන යනු ලබන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය පූජා කිරීම මෙදින සිදු විය.
 
සාමය වෙනුවෙන් පා ගමනට නායකත්වය දුන් පඤ්ඤාකර හිමියන් ඇතුළ භික්ෂූන් වහන්සේ අනුරාධපුර ඓතිහාසික අටමස්ථානාධිපති පල්ලේගෙම හේමරතන හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව උඩමළුවට වැඩම කර ශ්රී මහා බෝධීන්වහන්සේකට මල් පහන් පූජා කළහ.
 
මෙම අවස්ථාව දෙස් විදෙස් භීක්ෂූන් වහන්සේ විවිධ රටවලින් ආ බෞද්ධ සාදැහවතුන් එක්ව සිටියහ.