ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් දැනට පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වීම ඉතා දුර්වල මට්ටමක පවතින බැවින් පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීම සඳහා NVQ තත්ත්ව සහතිකය සහිත ශ්‍රමිකයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහිකිරීම අරමුණු කරගත් සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
වසර 14කට පසු මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය එළඹෙන දෙසැම්බර් මස 13 වනදා සිට 17 වනදා දක්වා ජා ඇළ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණ.
මාතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 100 දෙනෙකු රැකියාගත කිරීමට අදාළ පුහුණු වැඩසටහන miq.shod මාතර දිස්ත්‍රික් ලේකම්, නීතීඥ වයි. වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.
මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා විසිදහසක් වාර්ෂිකව ඇති වන නමුත්, එම රැකියා පුරප්පාඩු පියවීමට අවශ්‍ය පුහුණු ශ්‍රම බළකායේ හිඟයක් ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය විසින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ ර්‍ණ ගෞරව නාමය පිරිනැමීම කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේ දී පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
ගාලු දිස්ත්‍රික්කයේ තාරුණ තරුණියන්ගේ සිහින සැබෑ කරගැනීමට සහයවීමට අපේක්ෂා කරමින් රැකියා පොළක් ඊයේ (19) ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හොල් ඩී ගෝල් ශාලාවේදී ආරම්භ විය.
රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබාදීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System) මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.
1. පෑන් පැන්සල් කවකටු පිහියා වැනි තියුණු උපකරණ අන් අය වෙත විසි කරන්න එපා. ඉතා කුඩා දරුවන්ට ඒවා ලබා නොදෙන්න
නොරොච්චොලේ හා කල්පිටිය ප්‍රදේශය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කරන්නැයි එම ප්‍රදේශයේ ගොවි ජනතාව කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 983 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අනුරාධපුර ථූපාරාම පුදබිම පරිශ්‍රයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.
ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උත්සවය නිමිත්තෙන් සැමරුම් උලෙළක් මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිලාවතුරෛ මුස්ලිම් මහා විද්‍යාලයේ දී ඔක්තෝබර් (22) පැවැත්වීමට නියමිතය.
ගංවතුර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අවතැන්වූවන් සඳහා රුපියල් ලක්ෂ 25ක් වටිනා ද්‍රව්‍යාධාර ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) සිදු කෙරිණි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බියර් හා වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිත කිරීම සඳහා ලබා දී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර තිබේ.
අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින 371/2023 නඩුවෙහිදී අධිකරණය විසින් ලබාදෙන ලද වාරණ නියෝගයන්ට අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් මෙම නියෝගය සිදු කර ඇත.
අභියාචනාධිකරණය මගින් ලබාදෙන ලද එකී වාරණ නියෝගයන්ට අනුව පහත දැක්වෙන පියවර ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර ඇත.
i. මේ දක්වා නිකුත් කොට ඇති සියලු මෘදු මත්පැන් අවසර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.
ii. මින් ඉදිරියට මෘදු මත්පැන් අවසර සඳහා අයැදුම්පත් නිකුත් කිරීම අත්හිටුවීම.
iii. මෙම මෘදු මත්පැන් අවසරයට අදාළ අංක 05/2022 දරණ සුරාබදු නිවේදනය බලාත්මක වන දිනය අත්හිටුවීම.
අභියාචනාධිකරණයේ නියෝග අනුව ඉහත කී වාරණා නියෝග එකී නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය තෙක් බලපැවැත්වෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙම අභියාචනාධිකරණ නඩුකරය 2023. 11. 13 දින නැවත කැඳවීමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ අද ( 16)අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් හතරකට (04) අධික තොගයක්, හෙරොයින් කිලෝග්‍රෑම් එකක (01) පමණ ප්‍රමාණයක් සහ හෂීස් කිලෝග්‍රෑම් පහකට (05) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
කොත්මලේ හැදුණුවැව ක්‍රීඩාංගනයේ පොළොව යටින් ඇසෙන අද්භූත භයංකාර ශබ්දය හා ප්‍රදේශයේ පුරාණ කාලයේ සිට පැවැති එදිනෙදා පරිභෝජනයට ලබාගත් ජල මූලාශ්‍ර හිටිහැටියේ අතුරුදන් වීම පිළිබඳව කඩිනමින් පර්යේෂණයක් හා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා සඳහන් කරයි.
මේවන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයින්හට අවශ්‍ය කරනු ලබන පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබේ.
කම්කරු දෙපාර්තමේන්තුව සඳහා බඳවා ගනු ලැබූ නවක කළමනාකරණ සේවා නිලධාරීන් සඳහා වන සේවාරම්භක පුහුණු වැඩමුළුව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණි.
Page 105 of 739