Thursday, February 12, 2026
Follow Us
සංගීතඥ ආනන්ද පෙරේරා දිවි ගමනට සමු දෙයි

මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත්  සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

ඒ මහතා දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසුවිය.

‘‘සිහශක්ති‘‘ සංගීත කණ්ඩායමේ නායකයා වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ධර්මරාජ විදුහලේ ආදි සිසුවෙකු වන අතර ඔහු මෙරට බිහි වූ අති දක්ෂ සංගීතඥයකු වශයෙන් සැලකේ.